2006 දී මගේ පියාට ස්නායු රෝගයක් ඇති බව හඳුනාගත් අතර එයින් ඔහුගේ මතකය, කථනය සහ ශරීර චලනය ඔහුට නැති වුනි. ඔහු 2011 දී ඔත්පල වූ අතර මගේ මව ඔහුව නිවසේදීම රැක බලා ගත්තාය. ඔහුගේ අසනීපයේ ආරම්භය අඳුරු කාලයක් වුනි. අසනීපයෙන් පෙළෙන පුද්ගලයෙක් රැක බලා ගැනීම ගැන මම කිසිවක් නොදැන සිටීයෙමි. එසේ හෙයින් මුදල් සහ මගේ මවගේ සෞඛ්‍යය ගැන මම කණස්සල්ලට පත් වූයෙමි.

මගේ හදවතේ තත්ත්වය මෙන් ආලෝකය අඳුරු පැහැයක් ගෙන තිබූ බොහෝ උදෑසනයන්හි විලාප ගී හි 3:22 මට අවදි වීමට උපකාර කළේය. “අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය”. “විනාශය” යන හෙබ්‍රෙව් වචනයේ තේරුම
“මුළුමණින්ම නැතිවී යාම” හෝ “අවසානයක් පැමිණීම” යන්නයි.

දෙවියන්වහන්සේගේ මහත් ප්‍රේමය අපට ඉදිරියට යාමටත් දිනයට මුහුණ දීමටත් උපකාර කරන්නේය. අපගේ පීඩා අධික යැයි හැඟෙන්නට පුළුවන. නමුත් දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඊට වඩා විශාල බැවින් අපි විනාශ නොවන්නෙමු.

දෙවියන්වහන්සේ තම විශ්වාසවන්ත ප්‍රේමණීය මාර්ග මගේ පවුලට පෙන්වූ බොහෝ අවස්ථාවන් මට සිහිපත් කළ හැකිය. උන්වහන්සේගේ සැපයීම, ඥාතීන්ගේ සහ මිතුරන්ගේ කරුණාව, වෛද්‍යවරුන්ගේ ඥානවන්ත උපදෙස්, මූුල්‍ය ප්‍රතිපාදන සහ අපගේ හදවතේ රැඳී තිබුණු දිනක මගේ පියා සම්පූර්ණවී ස්වර්ගයේ සිටිනවා දැකිය හැකිය යන මතකය මම දුටුවෙමි.

ඔබ අඳුරු කාලයක් තුළින් යන්නේ නම් බලාපොරොත්තු සුන් කර ගන්න එපා. ඔබ මුහුණ දෙන දෙයින් ඔබ විනාශ වන්නේ නැත. දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත ප්‍රේමය සහ ඔබ වෙනුවෙන් උන්වහන්සේගේ සැපයුම කෙරෙහි දිගටම විශ්වාස කරන්න.