මනෝ විද්‍යඥයෙක් වන මැඞ්ලින් ලෙවින් “කටර් වෙස් වළා ගැනීමක්” වන අතෙන් අඩක් ඇද තිබුණු දිගු අත් සහිත ටී ෂර්ට් එකක් ඇඳගෙන සිටින පහළොස් හැවිරිදි දැරියක් දුටුවේය. මෙසේ අඳින්නේ සාමාන්‍යයෙන් තමන්ගේ ශරීරයට ස්වයං හානියක් කර ගන්නා පුද්ගලයන් විසින්ය. තරුණිය තම අත පිටුපසට ඇද ගත් පසුව ලෙවීන් පුදුමයට පත් වූයේ දැරිය තම අතේ “හිස්” කියා කැටයම් කිරීමට රේසර් තලයක් යොදා ගෙන ඇති බව දුටු විටය. ඇය කණගාටුවට පත් වූවාය. එසේම දැරියට බොහෝ සෙයින්ම අවශ්‍ය වූ උපකාරය ලබා ගැනීමට ඇය විවෘත වීම නිසා ස්තුතිවන්ත වූවාය.

තම හදවතේ “හිස්” යයි කොටා ගෙන ඇති බොහෝ දෙනෙක්ව මෙම දැරිය යම් කිසි ආකාරයකින් නිරූපණය කරයි. යේසුස්වහන්සේ පැමිණියේ හිස් තැන පුරවා “අධික ලෙස” ජීවනය ලබා දෙන්න බව යොහන් තුමා ලියන්නේය (යොහන් 10:10). දෙවියන්වහන්සේ සෑම මනුෂ්‍යයෙක් තුළම පූර්ණ ජීවිතයක් සඳහා ආශාවක් තැබූ අතර මනුෂ්‍යයන් උන්වහන්සේ සමග ප්‍රේමණීය සම්බන්ධතාවයක් පැවැත්වීම ගැනද ආශා වූ සේක. එසේම “සොරා” මිනිසුන්වද දේවල් සහ තත්ත්වයන්ද පාවිච්චි කොට මිනිස් ජීවිත විනාශ කිරීමට උත්සාහ කරන බවටද උන්වහන්සේ අනතුරු ඇඟවූ සේක (1, 10 පද). ජීවය ලබා දීම සඳහා කරන ලද වෙනත් සෑම ප්‍රකාශයක්ම ව්‍යජ සහ අනුකරණයකි. ඊට වෙනස්ව යේසුස්වහන්සේ සත්‍ය වූ දෙය ඉදිරිපත් කරන සේක. එනම් “සදාකාල ජීවනය” සහ “කිසිවෙකුට උන්වහන්සේගේ දෑතින් අපව උදුරා ගත නොහැකිය” යන පොරොන්දුවය (28 පදය).

අපගේ හදවත් තුළ ඇති හිස් අවකාශයන් ජීවයෙන් පිරවිය හැක්කේ යේසුස්වහන්සේට පමණී. ඔබට හිස් බවක් දැනේ නම් අදම උන්වහන්සේට කථා කරන්න. ඔබ බරපතල අරගලයකට මුහුණ දෙන්නේ නම් දේව භක්තික උපදෙස් ලබා ගන්න. බහුල සහ පූර්ණ වූ ජීවිතයක් එනම් උන්වහන්සේ තුළ පූර්ණ අර්ථයෙන් යුත් ජීවිතයක් ලබා ගත හැක්කේ ක්‍රිස්තුස්වහන්සේ තුළින් පමණක්ය.