2019 දී කැප් ඩෑෂ්වුඞ් සහ ඔහුගේ හුරුබුහුටි කළු ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයෙක් වන චේලා (මිය ගිය ඔහුගේ ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයා සිහිපත් වීම පිණිස “චේ” සහ “ලා” එනම් ලැබ්‍රඩෝ ඒන්ජල් සඳහා ඩෑෂ්වුඞ්ගේ කෙටි යෙදුම) කැපීි පෙනෙන දෙයක් සිදු කළේය. ඔව්හූ සෑම දිනකම අඛණ්ඩව දින 365 ක්ම කඳු මුදුනකට නැග්ගෝය.

ඩෑෂ්වුඞ්ට කියන්නට හැඟීම්බර කථාවක් තිබුණි. “නරක පවුල් ජීවිතයක්” යයි සරලව පැහැදිළි කරමින් වයස දහසය වන විට ඔහු නිවසින් පිටව ගියේය. සුවයක් සොයා ගෙන වෙනත් තැනකට යාමට මෙම අතීත තුවාල ඔහුට මග පෙන්වීය. “සමහර විට ඔබ මනුෂ්‍යයන්ගෙන් කලකිරීමට පත්වන විට ඔබ වෙනත් දෙයක් වෙතට යොමු වන්නේය. ඔබ දන්නවාද?” ඔහු පැහැදිළි කළේය. කඳු නැගීම සහ ඔහුගේ කළු පැහැති ලැබ්‍රඩෝ මිතුරාගේ කොන්දේසි විරහිත ප්‍රේමයට එම “වෙනත් දෙයෙහි” විශාල කොටසක් ඇතුළත් වුනි.

මා වැනි අපගේ සත්ව සගයන්ට ගැඹුරින් ආදරය කරන අප එසේ කරන්නේ ඇයිද යන්නෙන් විශාල කොටසක් වන්නේ ඔවුන්ගෙන් වැගිරෙන මිහිරි කොන්දේසි විරහිත ප්‍රේමයයි. එය දුර්ලභ ඝණයේ ප්‍රේමයකි. නමුත් මම සිතන්නේ ඔවුන් උත්සාහයෙන් ලබා දෙන ප්‍රේමය අන් අයගේ අසාර්ථකත්වයට වඩා විශාල සහ ගැඹුරු යථාර්ථයක් වෙත අපව යොමු කරන බවයි. එනම් දෙවියන්වහන්සේගේ නොසැළෙන විශ්වය ආරක්‍ෂා කරන අසීමිත ප්‍රේමයයි.

ඔහුගේ වෙනත් බොහෝ යාච්ඤා වලදී මෙන් ඒ නොසෙල්වෙන “නොවෙනස්වන ප්‍රේමය” (12 පදය) කෙරෙහි තිබූ දාවිත්ගේ විශ්වාසය පමණක්ම තමන් තනිවම යයි හැඟෙන වෙලාවේදී ඔහුට බලාපොරොත්තුවක් ගෙන දුන්නේය. නමුත් දෙවියන්වහන්සේ සමග ජීවිත කාලය පුරාම ගමන් කිරීම නිසා “උදය ඔබගේ කරුණා ගුණය මට ඇසෙන්ට සැළැස්සුව මැනව” කියා විශ්වාස කිරීමට ප්‍රමාණවත් ශක්තියක් ඔහුට ලබා දෙන්නේය (8 පදය).

නැවත විශ්වාස කිරීමට සහ නොදන්නා මාර්ගවල මග පෙන්වීමට දෙවියන්වහන්සේට ඉඩ හැරීමට ප්‍රමාණවත් බලාපොරොත්තුවක් ඇති කරයි.