පුරාණ රෝමයේ (ක්‍රි:පූ: 4-ක්‍රි:ව: 65) ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වු සෙනෙකාට මෙසාලිනා අධිරාජ්‍යයා විසින් කාමමිථ්‍යාචාරය සම්බන්ධයෙන් චෝදනා කරන ලදී. සෙනෙට් සභාව ඔහුට මරණ දණ්ඩනය නියම කිරීමෙන් පසුව ක්ලෝඩියස් අධිරාජ්‍යයා ඔහුව කෝර්සිකා වෙතට පිටුවහල් කළේ සමහර විට චෝදනාව අසත්‍ය යැයි ඔහු සැක කළ නිසා විය හැකිය. මෙම සහනය සෙනෙකාගේ කෘතඥතාවය පිළිබඳ දැක්ම හැඩ ගස්වන්න ඇති. එම නිසා ඔහු මෙසේ ලියන්න ඇති. “මිනී මැරුම්, දුෂ්ඨ කුරිරු ක්‍රියා, සොරුන්, ලිංගික අපචාර කරන්නන්, කොල්ලකරුවන්, දෙවියන්වහන්සේට නිගරු කරන්නන් සහ දේශ ද්‍රෝහීන් සෑම විටම සිටිනු ඇත. මේ සියල්ලටම වඩා දරුණුම අපරාධය වන්නේ අකෘතඥභාවයයි”.

සෙනෙකාගේ සමකාලීනයෙක් වූ අපෝස්තලු පාවුල්ද එයට එකඟ විය හැකිය. රෝම 1:21 හි ඔහු මෙසේ කීය. මනුෂ්‍යයාගේ පහත වැටීමට එක් හේතුවක් වූයේ දෙවියන්වහන්සේට ස්තූති කිරීම ප්‍රතික්‍ෂේප කිරීම බවයි. කොලොස්සියේ සභාවට ලියමින් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටි ඇදහිලිවතුන්ට කෘතඥතාවය පළ කරන ලෙසට පාවුල් තුන් වරක් අභියෝග කරන්නේය. ඔහු පැවසුවේ අපි “බොහෝ සෙයින් ස්තුති” කළ යුතු බවයි (කොලොස්සි 2:7). දෙවියන්වහන්සේගේ සමාදානය “අපගේ සිත් තුළ “ආණ්ඩු කෙරේවා” යන්න සිද්ධ වෙද්දී අපි ස්තුතිවන්ත වීමෙන් ප්‍රතිචාර දැක්විය යුතු වන්නෙමු (කොලොස්සි 3:15). ඇත්ත වශයෙන්ම කෘතඥතාවය අපගේ යාච්ඤාවල ලක්‍ෂණයක් විය යුතු වේ (කොලොස්සි 4:2).

දෙවියන්වහන්සේ අපට දක්වන මහත් කරුණාව ජීවිතයේ එක් ශ්‍රේෂ්ඨ සත්‍යයක් අපට මතක් කර දෙන්නේය. උන්වහන්සේ අපගේ ආදරය හා නමස්කාරය ලැබීමට පමණක් නොව අපගේ ස්තුතිවන්ත හදවත්ද ලැබීමට සුදුසු වන සේක. ජීවිතයේ සෑම යහපත් දෙයක්ම ලැබෙන්නේ උන්වහන්සේගෙන්ය. (යාකොබ් 11:17).

ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට දී ඇති සියල්ලත් සමගම කෘතඥතාවය හුස්ම ගැනීම තරම්ම ස්වාභාවික විය යුතුය. දෙවියන්වහන්සේට අපගේ කෘතඥතාවය පළ කිරීමෙන් උන්වහන්සේගේ කරුණාන්විත ත්‍යාගයන්ට ප්‍රතිචාර දක්වමු.