දෙවන ලෝක සංග්‍රාමයේදී ප්‍රේම් ප්‍රදන්ගේ (1924-1998) ගුවන් යානය වෙඩි තබා බිම හෙළීමත් සමග ඔහු ආරක්‍ෂාව සඳහා පැරෂූටයකින් පොළොවට බසින අවස්ථාවේදී තුවාල ලැබීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ජීවිත කාලය පුරාවටම නොන්ඩි ගසමින් ගමන් කළේය. ඔහු වරක් සඳහන් කළේ “මට කොරවූ පාදයක් තිබේ. හිමාල කඳුකරයේ ශුභාරංචිය දේශනා කිරීමට දෙවියන්වහන්සේ මාව කැඳවීම පුදුමයක් නොවේද” කියාය. නමුත් නේපාලයේද ඔහු දේශනා කළේය. ඒ විරුද්ධවාදීන් නැතුව නොවේ. ඔහුව සිරගත කළේ සිරකරුවන්ව දැඩි ලෙසට පිීඩාවට පත් කළ ඉතාමත් දරුණු සිරගෙවල් වලය. වසර පහළොවක කාලයකදී ප්‍රේම් විවිධ සිරගෙවල් දහ හතරක කාලය ගෙවීය. කෙසේ වෙතත් ඔහුගේ නිර්භීත සාක්‍ෂි දැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ ජීවිත වෙනස්වීම් සිදුවූ අතර එයට යේසුස්වහන්සේගේ පණිවුඩඩය සිය ජනතාව වෙත ගෙන ගිය මුරකරුවන් සහ සිරකරුවන්ද ඇතුළත් වුනි.
අපෝස්තලු පේත්‍රැස්ද යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම සහ දෙවියන්වහන්සේ විසින් “කොරවූ මිනිසෙක්” සුව කිරීමට භාවිතා කිරීම නිසා විරුද්ධවාදීකම් වලට මුහුණ දුන්නේය (ක්‍රියා 4:9). නමුත් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් එඩිතරව කථා කිරීමට ඔහු එම අවස්ථාව භාවිතා කළේය.

පේත්‍රැස් මෙන් අපටද අද විරුද්ධවාදීකම් වලට මුහුණ පෑමට සිදු විය හැක (3 පදය). නමුත් අපට පවුලේ අය, සම සේවකියන්, සම ශිෂ්‍යයන් මෙන්ම අපගේ පාප වල මිළය ගෙවීමට කුරුස පත්වූ සහ සමාව දීමට උන්වහන්සේගේ බලය පිළිබඳ සාක්‍ෂියක් වශයෙන් මළවුන්ගෙන් නැගිටුවනු ලැබුවාවූ (10 පදය) “ගැළවීම ලබා දෙන තැනන්වහන්සේ” (12 පදය) ගැන අසන්නට අය සිටිති. යේසුස්වහන්සේ තුළ හමුවන ගැළවීම පිළිබඳ මෙම ශුභාරංචිය අපි යාච්ඤාවෙන් සහ නිර්භීතව ප්‍රකාශ කරන විට ඔවුන්ට අසන්නට ලැබේවා.