ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේදී ෆ්‍රෙඞ් ඇලන් (1894-1956) ආර්ථික අවපාතයේ සහ යුද්ධයක් පවතින ලෝකයක ජීවත් වූ පරම්පරාවකට සිනහවක් ගෙන ඒම සඳහා විකට කථා භාවිතා කළේය. ඔහුගේ හාස්‍යය පිළිබඳ හැඟීම උපත ලැබුවේ පෞද්ගලික වේදනාවන්ගෙනි. වයස අවුරුදු තුනට පෙර මව අහිමි වූ ඔහු පසුව ඇබ්බැහිවීම සමග පොර බදිමින් සිටි පියාගෙන් දුරස් කරන ලදී. ඔහු වරක් නිව්යෝර්ක් නගරයේ වීදියක රථ වාහන තදබදයකින් දරුවෙක් බේරා ගත්තේ “මල්ලී ඔබට මක්වෙලාද? වැඩිවියට පත්වී කරදර එක්ක ජීවත් වෙන්න ඔබ කැමති නැද්ද?” යන අමතක නොවන ප්‍රශ්සය අසමිනි.

යෝබ්ගේ ජීවිතය දිග හරිනු ලබන්නේ එවැනි කරදරකාරී යථාර්ථවාදයක් තුළය. ඔහුගේ ඇදහිල්ලේ මුල් ප්‍රකාශයන් අවසානයේ බලාපොරොත්තු සුන්වීමකට තුඩු දුන් විට ඔහුගේ විපත්තියට අපහාස එකතු කරමින් ඔහුගේ මිතුරන් ඔහුගේ වේදනාව තවත් වැඩි කළහ. හොඳ තර්ක ඉදිරිපත් කරමින් ඔවුන් තරයේ කියා සිටියේ ඔහුට තම වැරදි පිළිගෙන (4:7-8) දෙවියන්වහන්සේගේ නිවැරදි කිරීමෙන් පාඩමක් ඉගෙන ගත හැකි නම් ඔහුගේ ගැටළු හමුවේ සිනහසීමට ශක්තියක් ඔහුට ලැබෙන බවයි (5:22).

යෝබ්ගේ “සැනසිලිදායකයින්” යහපත් දෙයක් අදහස් කළාට ඔවුන් වැරදි විය (1:6-12). “එවැනි මිතුරන් සිටිද්දී කාටද සතුරන් අවශ්‍ය” යන උදාහරණය ලෙස කෙදිනක හෝ ඔවුන්ව ආමන්ත්‍රණය කරනු ඇතැයි ඔවුන්ට කිසි විටෙකත් සිතා ගත නොහැකි වුනි. යෝබ් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමෙන් ලැබෙන සහනය ගැන හෝ ඔවුන්ට යාච්ඤා අවශ්‍ය වන්නේ මන්ද කියා හෝ ඔවුන්ට කිසි විටෙකත් සිතා ගත නොහැකි විය (42:7-9). අපගේ ප්‍රීතියේ මූලාශ්‍රය වන්නේ යයි නොදැන බොහෝ වේදනා වින්දාවූ තැනැත්තා ගැන නින්දා කළ අයවළුන්ව ඔවුන් පූර්වයෙන් නිරූපණය කළේ කෙසේදැයි ඔවුන් කිසි විටකත් කල්පනා කරන්න නැතුව ඇති.