2018 දී තායිලන්තයේ පිරිමි ළමුන් දොළොස් දෙනෙක් හා ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු දහවල් කාලයේ විනෝද චාරිකාවකින් විනෝද වීමට අදහස් කරමින් පැටලිලි සහිත මාර්ගයක් ඇති ගුහාවකට බැස්සේය. අනපේක්‍ෂිත ලෙස ඉහළ යන ජලය හේතුවෙන් ඔවුන් ගුහාව තුළ ගැඹුරින් ගැඹුරට යාම නිසා ඔවුන්ව ගළවා ගැනිීමට සහ පිටතට ගෙන ඒමට සති දෙකහාමාරක කාලයක් ගතවුණි. ඉහළ යන ජලයෙන් බාධා වූ කිමිදුම් කරුවන් ඔවුන්ව ගළවා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම පිරිමි ළමුන් කුඩා ගල් උඩ වාඩිවී සිටියේ දැල්වෙන විදුලි පන්දම් හයක් පමණක් ඇතුවය. ඔවුන් පැය ගණනාවක් අඳුරේ ගත කළේ කෙසේ හෝ ආලෝකය සහ උදව් ලැබේ යයි අපේක්‍ෂාවෙනි.

ප්‍රචණ්ඩත්වය සහ කැදරකමින්ද කැරැල්ලෙන් සහ ශෝකයෙන්ද බිඳුණු අඳුරු ලෝකයක් ගැන අනාගතවක්තෘ යෙසායා විස්තර කරයි (යෙසායා 8:22). විනාශය හැර අන් කිසිවක් නැති බලාපොරොත්තුවේ ඉටි පහන අඳුරට යටත් වෙමින් නිවී ගොස් තිබුණි. එසේ වුවද යෙසායා පවසන්නේ මෙම බලාපොරොත්තු සුන්වීම අවසානය නොවන බවයි. දෙවියන්වහන්සේගේ දයා ගුණය නිසා ඉක්මණින්ම “තද වේදනාවෙන් සිටිය අයට අඳුරක් නොවන්නේය” කියා යෙසායා පවසන්නේය (9:1). දෙවියන්වහන්සේ කිසි විටෙකත් තම සෙනග විනාශයට වැටීමට ඉඩ නොදෙනු ඇත. අනාගතවක්තෘ වරයා තම සෙනග කෙරෙහි බලාපොරොත්තුව ඇති කළ අතර පාපය විසින් ඇති කළ අන්ධකාරය දුරු කිරීමට යේසුස්වහන්සේ පැමිණෙන කාලය පෙන්වා දුන්නේය.

යේසුස්වහන්සේ පැමිණ ඇත. දැන් අපට යෙසායාගේ වචන අලු ත් අරුතකින් අසන්ට ලැබේ. “අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනග මහත් ආලෝකයක් දුටුවෝය” කියා යෙසායා පවසයි. “මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් බැබළුණේය” (2 පදය).

රාත්‍රිය කෙතරම් අඳුරු වී තිබුණත් අපගේ වාතාවරණය කෙතරම් බලාපොරොත්තු රහිත වූවත් උන්වහන්සේ කිසි විටෙකත් අපව අඳුරේදී අපව අත්හරින්නේ නැත. යේසුස්වහන්සේ මෙහි සිටියි. විශාල ආලෝකයක් බබළයි.