මම වැඩුණෙ දක්‍ෂිණ බැප්ටිස්ට් දේශකයෙකුගේ කුලුඳුල් පුතා ලෙසටය. සෑම ඉරිදාවකම අපේක්‍ෂාව පැහැදිළි විය. මම දේවස්ථානයේ සිටිය යුතු විය. දේවස්ථානයට නොයා සිටීමට විය හැකි හේතූන්? සමහර විට මට සැළකිය යුතු උණක් තිබුණේ නම්, නමුත් සත්‍යය නම් මම දේවස්ථානයට යාමට බොහෝ සෙයින් කැමති වූ අතර මම කිහිප විටක්ම උණ සහිතවද ගියෙමි. නමුත් ලෝකය වෙනස් වී තිබේ. දේවස්ථානයට නිතිපතා පැමිණෙන සංඛ්‍යාව කලින් තිබූ ආකාරයට නොවීය. ඇත්තෙන්ම ඉක්මණින්ම අසන ප්‍රශ්නය නම් ඇයි යන්නයි. පිළිතුරු බොහෝ හා විවිධාකාර වන්නේය. කර්තෘ කැත්ලින් නොරිස් එම හේතූන් වලට පිළිතුරු දෙන්නේ “අපි දේවස්ථානයට යන්නේ ඇයි?” යන ප්‍රශ්නයට දේවගැති වරයෙක්ගෙන් ලැබුණු ප්‍රතිචාරයෙනි. ඔහු පැවසුවේ “අපි දේවස්ථානයට යන්නේ වෙනත් මිනිසුන් සඳහාය. මන්ද යමෙකුට එහිදී ඔබව අවශ්‍ය විය හැකි බැවිනි.

දැන් අපි දේවස්ථානයට යාමට අවශ්‍ය වන්නේ එම හේතුවමද? නුමුත් ඔහුගේ ප්‍රතිචාරය හෙබ්‍රෙව් පොතේ ලේඛකයාගේ හෘද ස්පන්දනය සමග අනුනාද වේ. ඇදහිල්ල තුළ පසුබට නොවන ලෙසට ඔහු ඇදහිලිවතුන් ගෙන් ඉල්ලා සිටින අතර එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔහු අවධාරණය කළේ “එකට හමුවීම අත් නොහරින” ලෙසය (හෙබ්‍රෙව් 10:25). මන්ද? අප නොමැති විට අත්‍යවශ්‍ය දෙයක් මග හැරීමට ඉඩ ඇති බැවිනි. එනම් “එකිනෙකා දිරිමත් කිරීම” (25 පදය). “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොළඹවන පිණිස” අන්‍යෝන්‍ය දිරිගැන්වීම අපට අවශ්‍ය වන්නේය (24 පදය).

සහෝදර සහෝදරියෙනි, එකට හමුවන්න. මන්ද යමෙකුට එහිදී ඔබව අවශ්‍ය විය හැකි බැවිනී. තවද අනුරූප සත්‍යය නම් ඔබටත් ඔවුන්ව අවශ්‍ය විය හැකි හෙයිනි.