ප්‍රාදේශීය උසස් පාසැලක 2019 උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුන් 608 දෙනෙක් තම ඩිප්ලෝමා ලබා ගැනීමට සුදානම් වුහ. විදුහල්පති තුමා ඉදිරියට පැමිණ තම තමන්ගේ රටේ නම කියවද්දී ඒ ඒ සිසුන්ට නැගී සිටින ලෙසට ඉල්ලා සිටියේය. පසුව ඔවුන් උපන් රටවල නම් කියවන ලදී. ඇෆ්ගනිස්ථානය, බොලීවියා, බොස්නියා ….. රටවල් හැටක නම් කියවෙන තුරු විදුහල්පති තුමා කියවා ගෙන ගියේය. සෑම සිසුවෙක්ම එකට සිටගෙන ඔල්වරසන් දෙමින් සිටියෝය. රටවල් හැටක්; එක් උසස් පාසැලක්.

විවිධත්වය මධ්‍යයේ සමගියෙන් සිටීම දෙවියන්වහන්සේගේ හදවතට සමීපවන බලගතු ප්‍රතිරූපයක්ය. එනම් මිනිසුන් එකමුතුව සමගියෙන් ජීවත් වීමයි.

දෙවියන්වහන්සේගේ සමගිය සඳහා වූ දිරිගැන්වීමක් අපි ආරෝහණ ගීතිකාවක් වන ගීතාවලිය 133 හි කියවන්නෙමු. මෙය වාර්ෂික සැමරුම් සඳහා මිනිසුන් යෙරුසලමට ඇතුල් වන විට ගායනා කරන ලද ගීතයකි. බෙදීම් ඇති කළ හැකි වෙනස්කම් තිබියදීත් සමගියෙන් ජීවත් වීමේ ප්‍රයෝජන මෙම ගීතාවලිය මගින් මිනිසුන්ට මතක් කර දුන්නේය (1 පදය). විචිත්‍ර නිරූපණයන් තුළ සමගිය විස්තර කරන්නේ ප්‍රබෝධමත් පිනි (3 පදය) සහ පූජකයන් ආලේප කිරීමට භාවිතා කරන තෙල් යනුවෙනි (නික්මයාම 29:7). එය හිස පිට වත්කළාවූ රැවුල දිගේ වස්ත්‍රවල වාටිය දක්වා බැස්සාවූ තෙල් (2 පදය). මෙයින් පෙන්නුම් කෙරෙන්නේ එකමුතුකමේදී දෙවියන්වහන්සේගේ ආශිර්වාදය බොහෝ සෙයින් ගලා ගෙන එන අතර එය දරා ගැනීමට නොහැකි බවයි.

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන්ට ජනවාර්ගික, ජාතිකත්ව හෝ වයස වැනි වෙනස්කම් තිබියදීත් ආත්මයාණන් වහන්සේ තුළ ගැඹුරු සමගියක් ඇත (එපීස 4:3). යේසුස්වහන්සේ අපට මග පෙන්වන ලෙසට අප එකට සිට පොදු බැඳීම සමරන විට දෙවියන්වහන්සේ විසින් දෙන ලද විවිධත්වය වැළඳ ගෙන සැබෑ සමගියේ මූලාශ්‍රය අපට සැමරීමට පුළුවන.