තුන්වන සියවසේ ඉපදුන නිකලස්ට ඔහුගේ මරණයෙන් සියවස් ගණනාවකට පසු ඔහුව සැන්ට ක්ලෝස් (නත්තල් සීයා) යනුවෙන් හැඳින්වෙන බවට ඔහුට කිසිදු අදහසත් නොතිබුණි. ඔහු දෙවියන්වහන්සේට ප්‍රේම කළ මිනිසුන් ගැන අවංකවම සැළකිලිමත් වූ සහ තමාගේම දේවලින් සතුටු සිතින් දීම සහ කරුණාවන්තව ක්‍රියා කිරීම ගැන ප්‍රසිද්ධවූ සාමාන්‍ය මනුෂ්‍යයෙකි. දැඩි මූල්‍ය පීඩාවකින් පෙළෙන පවුලක් ගැන දැනගත් පසු නිකලස් රාත්‍රී කාලයේදී මෙම නිවසට ගොස් විවෘත කවුළුවකින් රන් බෑගයක් විසි කළ අතර එය ගිනි උදුනක් අසළ වේලෙන්න තබා තිබුණු සපත්තුවක හෝ මේස් කකුළක් මතට වැටී තිබුණි.

නිකලස්ට බොහෝ කලකට පෙර පාවුල් තුමන් කොරින්තියේ ඇදහලිවතුන්ගෙන් ඉල්ලා සිටියේ සතුටු සිතින් දෙන ලෙසටයි. යෙරුසලමේ සිටින ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ගේ විශාල මූල්‍ය අවශ්‍යතා ගැන ඔහු ඔවුන්ට ලියූ අතර ත්‍යාගශීලිව දීමට ඔවුන්ව දිරිමත් කළේය. තමන් සන්තක දෙය දෙන අයට ලැබෙන ප්‍රයෝජන සහ ආශීර්වාදද පාවුල් තුමා ඔවුන්ට පැහැදිළි කළේය. ඔහු ඔවුන්ට මතක් කර දුන්නේ “මසුරු ලෙස වපුරන්නා මසුරු ලෙස කපා ගන්නේය; නොමසුරුව වපුරන්නා නොමසුරුව කපා ගන්නේය” (2 කොරින්ති 9:6) කියාය. ඔවුන්ගේ ප්‍රීතිමත් ත්‍යාගශීලිකම නිසා “ඔව්හු සියලු ආකාරයෙන් පොහොසත් වන්නේය” (11 පදය) සහ දෙවියන්වහන්සේ ගෞරවයට පැමිණෙන්නේය කියාය.

පියාණෙනි, මෙම නත්තල් සමය්දී පමණක් නොව අවුරුද්ද පුරාම සතුටු සිතින් දෙන්නට අපට උදව් කිරීමට ඔබවහන්සේ කැමති වන්නේද? ඔබවහන්සේගේ “විස්තර කළ නොහැකි ත්‍යාගය” වූ ඔබවහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස්වහන්සේව (15 පදය) අපට ලබා දීමට ඔබවහන්සේ දැක්වූ ඇදහිය නොහැකි ත්‍යාගශීලි භාවයට ස්තුතියි.