1800 ගණන් වලදී ඩිව්බෙරි බැප්ටිස්ට් දේවස්ථානය “කුකුල් කකුළක්” මත බෙදී ගියේය. කථාව ගැන විවිධ අනුවාදයන් පවතින නමුත් වර්තමාන සාමාජිකයෙක් පැවසුවේ දේවස්ථානයේ මංගල්‍යයක භෝජන සංග්‍රහයකදී මිනිසුන් දෙදෙනෙකු අන්තිම කුකුල් කකුළ සඳහා ඩබර කර ගත් බවයි. එක් අයෙක් කීවේ ඔහු එය ලබා ගැනීම දෙවියන්වහන්සේගේ කැමැත්ත බවයි. අනෙක් තැනැත්තා පිළිතුරු දුන්නේ දෙවියන්වහන්සේ එය ගණන් නොගන්නා අතර ඔහුට එය අවශ්‍ය බවයි. මෙම මිනිසුන් දෙදෙනා කොපමණ කෝපයට පත් වූවාද කිවහොත් එක් අයෙක් පාරේ කිලෝ මීටර් කිහිපයක් ඉදිරියට ගොස් ඩිව්බෙරි බැප්ටිස්ට් දේවස්ථාන අංක 2 ආරම්භ කළේය. ස්තුතිවන්ත වෙන්න, දේවස්ථානවල ඇතිවූ මතභේද සමථයකට පත් වූ අතර බෙදීමට හේතුව හාස්‍යජනක බව සියලු දෙනා පිළිගත්හ.

යේසුස්වහන්සේ එකඟ වූ සේක. යේසුස්වහන්සේ තමන්වහන්සේගේ මරණයට පෙර දින රාත්‍රියේ තම අනුගාමිකයන් වෙනුවෙන් යාච්ඤා කළ සේක : “ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස පියවූ ඔබ මා තුළෙහිද මා ඔබ තුළෙහිද සිටින්නාක් මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාච්ඤා කරමි… ඔවුන් ඒකත්වයට සම්පූර්ණ ලෙස පැමිණෙන පිණිසත් ඔබ මා එවූ බවද …. ලෝකයා දැන ගන්නා පිණිසත්ය” (යොහන් 17:21-23).

පාවුල් එකඟ වූයේය : “සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ එකමුතුකම පවත්වා ගන්ට උත්සාහ කරන මෙන්ද …. ඇත්තේ එක ශරීරයත් එක ආත්මයාණන්වහන්සේත්” (එපිීස 4:3-5) යනුවෙන් ඔහු අපෙන් ඉල්ලා සිටින අතර මේවා බෙදිය නොහැක.

අපගේ පාපය නිසා ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය කැඩීයාම ගැන වැළපෙන අපි කෝපය, කේලාම් කීම සහ කණ්ඩායම්වලට බෙදීමෙන් උන්වහන්සේගේ ශරීරය නැමැති සභාව කෑලි කෑලිවලට ඉරා දැමීම නොකළ යුතු වේ. සභාවේ බෙදීම් පිළිබඳ අපකීර්තියට වරදකරු වීමට වඩා අපට වරදක් වීමට ඉඩ හැරීම යහපති. අනෙක් පුද්ගලයාට කුකුල් කකුළ සහ පුඩිමේ ස්වල්පයක්ද ලබා දෙන්න.