අපගේ ඉරු දින දේව මෙහෙය සඳහා අපි එකව පැමිණියේ ප්‍රීතියෙන් සහ අපේක්‍ෂාවෙනි. කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් අපි අවකාශීය වශයෙන් දුරස්ව සිටියද ගැවින් සහ ටියානාගේ විවාහ උත්සවය සැමරීමට ලැබුණු අවස්ථාව සාදරයෙන් පිළිගත්තෙමු. තාක්‍ෂණික දැනුමෙන් බුද්ධිමත්වූ අපගේ ඉරාන මිතුරන් නිසා මෙම සේවාව විවිධ රටවල්වල එනම් ස්පාඤ්ඤයේ, පෝලන්තයේ සහ සර්බියාවේ ජීවත් වන මිතුරන් සහ පවුලේ අයට විකාශය කිරීමට හැකියාව ලැබුණි. මෙම නිර්මාණාත්මක ප්‍රවේශය බාධක මග හරවා ගැනීමට උපකාර වූ හෙයින් විවාහ ගිවිසුම තුළින් අපි ප්‍රීති වූයෙමු. දෙවියන්වහන්සේගේ ආත්මය අපව එක්සත් කර අපට ප්‍රීතිය ලබා දුන් සේක.

එම අපූරු බහුජාතික සභාව සමග අපගේ ඉරිදා උදෑසන දේව මෙහෙය තුළින් එන්නට තිබෙන මහිමය එනම් “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත්” යුත් ජනයා ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටීමෙන් ලැබෙන මහිමයේ කුඩා රසයක් අපට ලැබුණි (එළිදරව් 7:9). ආදරණීය ගෝලයා වූ යොහන් මෙම “මහත් සමූහය” දුටු දර්ශනය එළිදරව් පොතේ විස්තර කරන්නේය. එහි රැස්ව සිටි අය දේව දූතයන් සහ වැඩිමහල්ලන් සමග එක්ව දෙවියන්වහන්සේට නමස්කාර කරමින් : “ප්‍රශංසාවද තේජසද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද සදාකාලේටම අපේ දෙවියන්වහන්සේට වේවා” (12 පදය) යයි කීවෝය.

යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ජාත්‍යන්තර මනාලිය “බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යය කෑමට”
(එළිදරව් 19:9) එකතු වීම සහ විවාහ වීම පුදුමාකාර වන්දනාමාන කිරීමේ හා සැමරීමේ කාලයක් වනු ඇත. බොහෝ ජාතීන්වල ජනයා සමග ඉරු දින දේව මෙහෙයේ අප ලැබූ අත්දැකීම එක් දිනකදී අප භුක්ති විඳින මෙම සැමරුම වෙත යොමු වන්නේය.

මෙම ප්‍රීතිමත් සිදුවීම බලාපොරොත්තුවෙන් අපි බලා සිටින අතර තුරදී දෙවියන්වහන්සේගේ සෙනග සමග මංගල්‍යය සහ ප්‍රීතිවීමේ පුරුද්ද අපට වැළඳ ගත හැකිය.