නිව් යෝර්ක් ටයිම්ස් හැඳින් වූ “දෙවන ලෝක යුද්ධයේ විශිෂ්ඨතම ගළවා ගැනීමේ උත්සාහයක්” සංවිධානය කිරීමේ හේතුවෙන් 2010 දී වයස අවුරුදු අනූහතරක් වූ ජෝර්ජ් විජ්නොවිච්ට ලෝකඩ තරුව පිරිනමන ලදී. එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වූ සර්බියානු සංක්‍රමණිකයෙක්ගේ පුතෙක් වූ වුජ්නොවිච් එක්සත් ජනපද හමුදාවට බැඳුණි. යුගොස්ලෝවියාවේදී කැරළිකරුවන් විසින් බිම හෙලූ ගුවන් යානාවේ සිටි ඇමෙරිකානු භටයන් ආරක්‍ෂා කරන බවට ආරංචියක් ලැබුණු විට වුජ්නොවිච් සිය පවුලේ අයගේ මව් බිමට පැමිණ නියමුවන් සොයා ගැනීම සඳහා වනාන්තරය තුළට පැරෂූටයක් මාර්ගයෙන් බිමට පැන්නේය. සොල්දාදුවන් කුඩා කණ්ඩායම්වලට බෙදමින් සර්බියන්වරු සමග මිශ්‍ර වන ආකාරය ඔහු ඔවුන්ට ඉගැන්වීය (සර්බියානු ඇඳුම් ඇඳ ගෙන සර්බියානු කෑම කමින්). මාස ගණනාවකට පසුව ඔහු සෑම කුඩා කණ්ඩායමක්ම වරින් වර සී-47 ප්‍රවාහණ ගුවන් යානා දෙසට වනාන්තරය කපා සාදන ලද ගුවන් යානා ගොඩබෑමේ තීරුව දෙසට ගෙන ගියේය. වුජ්නොවිච් ප්‍රීතිමත් වූ මිනිසුන් 512 ක් බේරා ගත්තේය.

සතුරාගෙන් ගැළවීමට කිසිම මගක් නොමැතිව සිටි දාවිත්ව දෙවියන්වහන්සේ ගළවා ගැනීමේ ප්‍රීතිය ගැන දාවිත් විස්තර කළේය. උන්වහන්සේ “උඩින් අත පොවා මා අල්වා ගත් සේක. බොහෝ ජල ධාරාවලින් මා ඇද ගත් සේක” (2 සාමුවෙල් 22:17) යනුවෙන් දාවිත් කියයි. ඊර්ෂ්‍යයාවෙන් කෝපයට පත් සාවුල් රජු දාවිත්ට පහර දී අනුකම්පා විරහිතව ඔහුගේ රුධිරය සොයමින් සිටියේය. නුමුත් දෙවියන්වහන්සේට වෙනත් සැළසුම් තිබුණි. “මාගේ බලවත් සතුරාගෙන්ද මට වෛරවූවන්ගෙන්ද උන්වහන්සේ මා මුදා ගත් සේක. මක්නිසාද ඔව්හු මට වඩා බලවත් වූහ” (18 පදය) යනුවෙන් දාවිත් සිහිකරන්නේය.

දෙවියන්වහන්සේ සාවුල්ගෙන් දාවිත්ව බේරා ගත් සේක. උන්වහන්සේ ඊශ්‍රායලය ඊජීප්තුවෙන් ගළවා ගත් සේක. යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ අප සියල්ලන්වම ගළවා ගැනීිමට පැමිණි සේක. යේසුස් වහන්සේ පාපය, නපුර සහ මරණයෙන් අපව ගළවා ගන්නා සේක. උන්වහන්සේ සෑම බලවත් සතුරෙක්ටම වඩා ශ්‍රේෂ්ඨ වන සේක.