දිනක් එල්විස් සමර්ස් තම දොරටුවට තට්ටු කරන ශබ්දයට එය විවර කරද්දී දුටුවේ හිස් බඳුන් ඉල්ලා සුපුරුදු පරිදි තම නිවසට පැමිණෙන දුර්වල කාන්තාවක් වූ ස්මෝකිවය. මෙම හිස් බඳුන් විකුණා ලැබූ මුදල ඇයගේ මූලික ආදායම් මාර්ගය වූවාය. එල්විස්ට අදහසක් ඇති වුනි. “මට ඔබ නිදා ගන්න තැන පෙන්වන්න පුළුවන්ද?” කියා ඔහු ඇයගෙන් ඇසීය. නිවසක් අසළ අඩි දෙකක් පමණ පටු අපිරිසිදු තැනකට ස්මෝකිී ඔහුව ගෙන ගියාය. දයානුකම්පාවෙන් යුතුව සමර්ස් ඇයට කුඩා නිවසක් එනම් ඇයට ආරක්‍ෂිතව නිදාගැනීමට ඉඩ සළසන සරල නවාතැනක් සාදා දුන්නේය. ඔහුට අදහසක් පහළ වුනි. ඔහු “ගෝ-ෆන්ඞ්-මී” නමින් පිටුවක් ආරම්භ කර ප්‍රාදේශීය දේවස්ථාන සමග එකතු වී නිවාස නොමැති අයට නවාතැන් සාදා දීමට ඉඩම් ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය.

බයිබලය පුරාම අවශ්‍යතා ඇති අය ගැන සැළකිලිමත් වන ලෙස දෙවියන්වහන්සේ සෙනගට මතක් කර දුන් සේක. පොරොන්දු දේශයට ඇතුල් වීමට පෙර ඉශ්‍රායෙල්වරුන්ව සුදානම් කරද්දී දෙවියන්වහන්සේ විසින් මෝසෙස් මාර්ගයෙන් ඔවුන්ව දිරිමත් කළේ “නුfඕ අත දුප්පතාට විදහා ඔහුගේ හිඟකමට සැහෙන පමණ ඔහුට ණයට දෙන්ට ඕනෑය” යනුවෙනි (ද්වීථිය කථාව 15:8). මෙම ඡේදයේම “දිළින්දෝ කවදාත් දේශයෙහි ඉන්නෝමය” (11 පදය) යනුවෙන්ද සඳහන් වන්නේය. මෙය සත්‍යයක්දැයි බැලීමට අපට වැඩි දුර යාමට අවශ්‍ය නැත. දෙවියන්වහන්සේ දයානුකම්පිතව ඊශ්‍රායෙලිතයන්ව හැඳින්වූ පරිදි “ඔබේ ඊශ්‍රාලිතයන් සමග විවෘත දෑතින් කටයුතු කරන්න” (11 පදය) කියා කීවාක් මෙන් අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට අපටද ක්‍රම සොයා ගත හැකිය.

සෑම කෙනෙකුටම ආහාර, නවාතැන් සහ ජලය අවශ්‍යය. අප සතුව බොහෝ දේ නොතිබුණත් අපට ඇති දෙය අන් අයට උපකාර කිරීමට භාවිතා කිරීමට දෙවියන්වහන්සේ අපට උපකාර කරන සේක්වා. එය සැන්ඞ්විච් එකක් හෝ උණුසුම් කබායක් හෝ බෙදා ගැනීමක් වුවද කුඩා දේවල් වලට විශාල වෙනසක් සිදු කළ හැකිය.