බීතෝවන් කෝපයට පත් විය. ඔහු අදහස් කළේ ඔහුගේ තුන්වන තූර්ය සංවාදය “බොනපාට්” ලෙස නම් කිරීමටය. ආගමික හා දේශපාලනික කුරිරු යුගයක ඔහු නැපෝලියන් බොනපාට්ව දුටුවේ ජනතාවගේ වීරයෙකු සහ නිදහසේ ශූරයෙකු ලෙසය. ප්‍රංශ ජෙනරාල්වරයා තමා අධිරාජ්‍යයා ලෙස ප්‍රකාශයට පත් කළ විට මෙම කීර්තිමත් ගීත රචකයාගේ අදහස වෙනස් විය. ඔහුගේ හිටපු වීරයා කපටියෙකු සහ කුරිරු පාලකයෙක් ලෙසට හෙළා දකිමින් බොනපාට්ගේ නම මැකීමට ඔහු කෙතරම් උත්සාහ කළාද කිවහොත් ඔහුගේ මුල් පුවරුවේ සිදුරක් ඇති කළේය.

යේසුස්වහන්සේ තුළ සිටි ඇදහිලිවන්තයන් දේශපාලන ප්‍රතිසංස්කරණය පිළිබඳව ඔවුන් තුළ තිබූ බලාපොරොත්තු සුන් වූ විට කලකිරීමට පත් වුනි. සීසර්ගේ අධික බදු සහ හමුදා පැමිණීම් වලින් තොරව උන්වහන්සේ ජිවිතයේ බලාපොරොත්තු ඇති කරයි කියා ඔව්හු විශ්වාස කළහ. කෙසේ වෙතත්, දශක ගණනාවකට පසුවත් රෝමය ලෝකය පාලනය කළේය. යේසුස්වහන්සේගේ පණිවුඩකරුවන් බියෙන් සහ දුර්වලකමෙන් ජීවත් වූහ. උන්වහන්සේගේ ගෝලයන් නොමේරූ සහ අභ්‍යන්තර ගැටුම් වලින් යුක්ත බවට සළකුණු විය (1 කොරින්ති 1:11-12; 3:1-3).

නුමුත් මෙහි වෙනසක් තිබුණි. නොවෙනස්ව තිබූ දෙයින් ඔබ්බට පාවුල් දුටුවේය. ඔහුගේ ලිපි ආරම්භ වූයේත් අවසන් වූයේත් උතුරා ගියේත් ක්‍රිස්තුස් යන නාමයෙනි. ක්‍රිස්තුස් වහන්සේ නැවත නැගටුණු සේක. බලයෙන් යුතුව ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙන පොරොන්දුව සමග. සෑම දෙයක්ම සහ සෑම කෙනෙක්වම විනිශ්චය කරන ක්‍රිස්තුස්වහන්සේ. පළමුව සහ ප්‍රධාන වශයෙන් පාවුල්ට අවශ්‍ය වූයේ යේසුස්වහන්සේ තුළ ඇදහලිවතුන් උන්වහන්සේගේ කුරුස පත්වීම ගැන අර්ථය හොඳින් තේරුම් ගැනීමයි (1 කොරින්ති 2:2; 13:1-13).

යේසුස්වහන්සේගේ ජීවිත පූජාවේදී ප්‍රකාශ වූ ප්‍රේමය උන්වහන්සේව වෙනස් ආකාරයේ නායකයෙක් බවට පත් කළ සේක. ලෝකයේ ස්වාමින් සහ ගැළවුම්කරුවාණන් වශයෙන් උන්වහන්සේගේ කුරුසිය සියල්ල වෙනස් කරන්නේය. යේසුස්වහන්සේගේ නාමය සදහටම දැන ගන්නා අතර අන් සෑම නමකටම ඉහළින් ප්‍රශංසා ලබනු ඇත.