මගේ පුතා වන බ්‍රයන් පාපන්දු ක්‍රීඩාවේ පුහුණු කරුවෙක් ලෙස සේවය කරමින් සිටි පාසැලට දැඩි සටනකින් පසුව රාජ්‍ය ශූරතාව අහිමි වුනි. ඔවුන්ගේ ප්‍රතිවාදියා පසුගිය වසර දෙක පුරා පරාජය නොවූ කණ්ඩායමක් විය. මම බ්‍රයන්ට කෙටි පණිවුඩයක් යවා ඔහුව දිරිමත් කළෙමි. “සටන් කළේ ළමුන්” කියා කෙටි එහෙත් පැහැදිළි පිළිතුරක් මට ඔහුගෙන් ලැබුණි.

ක්‍රීඩාවෙන් පසු කිසිදු පුහුණුකරුවෙක් ක්‍රීඩකයින්ව ලැජ්ජාවට පත් කරන්නේ නැත. ඔවුන්ගේ අත් වැරදීම් හෝ වැරදි තීරණ ගැන කිසිවෙක් ඔවුන්ට මග දිගට කෑගසන්නේ නැත. නමුත් ප්‍රශංසා කළ හැකි දේ ගැන පුහුණුකරුවන් තරුණ ක්‍රීඩකයින්ට ප්‍රශංසා කළහ.

ඒ ආකාරයෙන්ම දෙවියන්වහන්සේ තුළ ඇදහිලිවතුන්ට උන්වහන්සේගෙන් දැඩි හෙළා දැකිමේ වචන ඇසෙන්නේ නැති බව දැන ගැනීම හොඳය. ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමේදී අපි උන්වහන්සේ ඉදිරියෙහි සිටින විට උන්වහන්සේ අපව ලැජ්ජාවට පත් නොකරන සේක. අපි උන්වහන්සේව අනුගමනය කළ කාලයේදී අප කළ දේ උන්වහන්සේ විනිශ්චය කරනු ඇත (2 කොරින්ති 5:10; එපීස 6:8). “ඔබ සටන් කළා. ඉතා අනර්ඝයි” වැනි යමක් උන්වහන්සේ කියාවි යයි මම සිතමි. අපෝස්තලු පාවුල් සාක්‍ෂි දෙමින් කියා සිටියේ
“මම යහපත් යුද්ධයෙහි යුද්ධ කළෙමි” කියාත් දෙවියන්වහන්සේ විසින් ඔහුව පිළිගන්නා කාලය බලා සිටින බවත්ය (2 තිමෝති 4:7-8).

ජීවිතය යනු අපගේ විනාශය සඳහා කැපවූ දැඩි නොපසුබට සතුරෙක් සමග කරන නොපසුබට අරගලයකි. යේසුස්වහන්සේ මෙන් වීමට සහ අන් අයට ප්‍රේම කිරීමට අප ගන්නා සෑම උත්සාහයකටම මෙම විරුද්ධකාරයා බාධා පමුණුවන්නේය. හොඳ ජයග්‍රහණයන් කිහිපයක් සහ දෙවියන්වහන්සේ දන්නා හද කම්පා කරන පරාජයන් සිදු විය හැකිය. නුමුත් යේසුස්වහන්සේ තුළ සිටින අයට සදාකාලික හෙළා දැකීමක් සිදු නොවන්නේය (රෝම 8:1). දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ගුණවත්කම තුළ අපි උන්වහන්සේ ඉදිරියෙහි සිටියහොත් එකිනෙකා “උන්වහන්සේගෙන් ප්‍රශංසාව” ලබා ගන්නවා ඇත (1 කොරින්ති 4:5).