අප්‍රිකාවේ විශාල දේවස්ථානයක දේවගැතිවරයා දණින් වැටී “අපව සිහිපත් කළ මැනව” කියා දෙවියන් වහන්සේට යාච්ඤා කළේය. දේවගැතිවරයා එසේ අයදින විට “ස්වාමිනී අපව සිහිපත් කළ මැනව” කියා සමූහයා හඬමින් ප්‍රතිචාර දැක්වූහ. යූ ටියුබ් හි මේ මොහොත නරඹමින් සිටි මගේ දෙනෙතින්ද කඳුළු ගලා ගිය නිසා මම පුදුම වීමි. යාච්ඤාව මාස ගණනකට පෙර පටිගත කර තිබුණි. කුඩා කාලයේදී අපගේ පවුලේ දේවගැතිවරයා “අපව සිහිපත් කළ මැනව ස්වාමිනී” කියා කළ ඒ අයැදීම මගේ සිහියට නැගුණි.

දරුවෙක් ලෙසට ඒ යාච්ඤාව ඇසුණු විට දෙවියන්වහන්සේට සමහර විට අපව අමතක වන්නේ යයි මම වැරදි ලෙස උපකල්පනය කළෙමි. නමුත් දෙවියන්වහන්සේ සියල්ල දන්නා සේක (ගීතාවලිය 147:5; 1 යොහන් 3:20). උන්වහන්සේ සෑම විටම අපව දකින සේක (ගීතාවලිය 33:13-15). එසේම උන්වහන්සේ මිණිය නොහැකි ලෙස අපට ප්‍රේම කරන සේක (එපීස 3:17-19).

ඊටත් වඩා “සිහිපත් කිරීම” යන අර්ථය ඇති “සාකාර්” යන හෙබ්‍රෙව් වචනයේ අප දකින පරිදි දෙවියන් වහන්සේ අපව “සිහිපත් කරන විට” උන්වහන්සේ අප වෙනුවෙන් ක්‍රියාද කරන සේක. සාකාර් යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයෙක් වෙනුවෙන් ක්‍රියා කිරීම යන්නයි. දෙවියන්වහන්සේ නෝවා සිහිපත් කළ විට
“ඔහු සමග සිටියාවූ පණ ඇති සියල්ලන්ද සියලු සිව්පාවුන්ද” සිහි කළ සේක. ඉන්පසු උන්වහන්සේ
“පොළොව පිට සුළඟක් ගසන්ට සළැස්වූ සේක. එවිට ජලය අඩු විය” (උත්පත්ති 8:1). දෙවියන්වහන්සේට වඳ රාඛෙල්ව සිහිපත් වූ වි ”ඈට කන්දී ඈ ගර්භිණි වෙන්ට සැළැස්වූ සේක”. ඇය ගර්භණීව පුත්‍රයෙක් බිහි කළාය (උත්පත්ති 30:22-23).

අපව සිහිපත් කරන මෙන් යාච්ඤාවෙන් දෙවියන්වහන්සේට කන්නලව් කිරීම කෙතරම් මහත් විශ්වාසයක්ද! උන්වහන්සේ පිළිතුරු දෙන ආකාරය උන්වහන්සේ තීරණය කරන සේක. කෙසේ වෙතත් අපගේ නිහතමානී ඉල්ලීම දෙවියන්වහන්සේට ක්‍රියා කරන්න සැළැස්වුයේයයි දැන ගෙන අපට යාච්ඤා කළ හැකිය.