පීනට් නම් විකට චිත්‍රපටයේ සිටින ලීනස් නැමැති චරිතය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඔහුගේ නිල් ආරක්‍ෂිත පොරෝනය නිසාවෙනි. ඔහු එය සෑම තැනකම අරගෙන යන අතර සුවපහසුව සඳහා එය අවශ්‍ය වීම ගැන ලැජ්ජාවට පත් නොවන්නේය. විශේෂයෙන් ඔහුගේ සහෝදරිය වන ලුසී එයට අකමැති අතර එයින් මිදීමට බොහෝ විට උත්සාහ කළාය. ඇතැම් විටෙක ඇය එය වළලයි. එය සරුංගලයකට හරවයි. තවත් වරෙක විද්‍යා ව්‍යාපෘතියක් සඳහා භාවිතා කරයි. තම පොරෝනය මත යැපීම අඩු කර ගත යුතු බව ලීනස් සිතුවත් වරින් වර එය නැවත ලබා ගන්නේය.

“චාර්ලි බ්‍රවුන් නත්තල” යන චිත්‍රපටයේ කලකිරීමට පත් චාර්ලි බ්‍රවුන් “නත්තල යනු කුමක්දැයි දන්නා කිසිවෙක් මෙහි නැත්ද?” කියා අසන්නේය. ලීනස් ඔහුගේ ආරක්‍ෂිත පොරෝනය අතැතිව වේදිකාව මැද සිට ලූක් 2:8-14 දක්වා උපුට දැක්වීය. ඔහුගේ කියවීම මධ්‍යයේ “බිය නොවන්න” යනුවෙන් ඔහු පවසන විට ඔහු තම පොරෝනය බිමට දැමුවේය. ඒ බිය වූ විට ඔහු තදින් අල්ලා ගත් දෙයයි.

නත්තලේ ඇති අපි බිය විය යුතු නැති බව අපට මතක් කර දෙන දෙය කුමක් විය හැකිද? එfඬ්රුන්ට දර්ශනය වූ දේවදූතයන් පැවසුවේ “භය නොවන්න….. ගැළවුම්කරුවාණෝ නුඹලාට දාවිත්ගේ නුවර අද උපන් සේක” කියාය (ලූක් 2:10-11).

යේසුස් යනු “දෙවියන්වහන්සේ අප සමගය” යන අර්ථයය (මතෙව් 1:23). සැබෑ සැනසිලිකාරයාණන් වන උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් තුළින් අපට උන්වහන්සේගේම අභිමුඛය තිබේ (යොහන් 14:16). එබැවින් අපට බිය විය යුතු නැත. අපට අපගේ “ආරක්‍ෂිත පොරෝනය” අතහැර උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට අපට පුළුවන.