නව කොරෝනා වෛරසය ලොව පුරා සැරිසරන විට සෞඛ්‍ය විශේෂඥයින් උපදෙස් දුන්නේ මිනිසුන් අතර ශාරීරික දුරස්ථභාවය තබා ගැනීම එහි ව්‍යාප්තිය මන්දගාමී කිරීමේ මාධ්‍යයක් ලෙසටයි. බොහෝ රටවල් තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ස්වයං නිරෝධායනය වන ලෙස හෝ නිවෙස් වලට වී සිටින ලෙසටයි. හැකි නම් නිවසේ සිට වැඩ කිරීමට සංවිධාන තම සේවකයින්ව නිවෙස්වලට යැවීය. එසේම අනෙක් අයගේ රැකියා අහිමිවීමෙන් ඔව්හු මූල්‍යමය වශයෙන් දුර්වල වූහ. අනෙක් අය මෙන් මමත් ඩිජිටල් වේදිකා හරහා දේවස්ථානයේ සහ කුඩා කණ්ඩායම් රැස්වීම්වලට සහභාගී වුනෙමි. ලෝකයක් වශයෙන් අපි ශාරීරිකව විසන්ධි වී සිටියත් අලුත් ආකාරයේ එකමුතු කමක් පුරුදු වූයෙමු.

සම්බන්ධතාවය පිළිබඳ හැඟීමක් පවත්වා ගැනීමට අපට ඉඩ සළසන්නේ අන්තර්ජාලය පමණක්ම නොවේ. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ අවයව වශයෙන් අපි එකිනෙකා සමග සම්බන්ධ වන්නේ ආත්මයාණන් වහන්සේ කරණකොට ගෙනය. සියවස් ගණනාවකට පෙර කොලොස්සිවරුන්ට ලියූ ලිපියෙහි පාවුල් මෙම අදහස ප්‍රකාශ කළේය. ඔහු පෞද්ගලිකව ඔවුන්ගේ සභාව ආරම්භ නොකළත් ඔවුන් ගැනත් ඔවුන්ගේ ඇදහිල්ල ගැනත් ඔහු දැඩි ලෙස සැළකිලිමත් වුනි. පාවුල්ට ඔවුන් සමග පෞද්ගලිකව සිටිය නොහැකි වූවත් ඔහු ඔවුන්ට මතක් කර දුන්නේ තමන් “ආත්මයෙන් ඔවුන් සමග සිටින බවයි” (කොලොස්සි 2:5) පවසමිනි.

මූල්‍යමය, සෞඛ්‍ය හෝ වෙනත් ප්‍රායෝගික හේතූන් මත අපට සෑම විටම අප ප්‍රේම කරන අය සමග සිටිය නොහැකි අතර එම හිඩැස පිරවීමට තාක්‍ෂණයට හැකි වේ. කෙසේ වෙතත් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයෙහි සාමාජිකයන් වශයෙන් අපට අත්විඳිය හැකි “එකමුතුව” හා සසඳන විට ඕනෑම ආකාරයක අතාත්වික සම්බන්ධතාවයක් පහව යන්නේය (1 කොරින්ති 12:27). එවැනි අවස්ථාවන්හිදී පාවුල් මෙන් අපටත් එකිනෙකාගේ ඇදහිල්ලේ ස්ථීර භාවය ගැන ප්‍රීති විය හැකි අතර යාච්ඤාව තුළින් එකිනෙකාට “දෙවියන් වහන්සේගේ රහස වන ක්‍රිස්තුස්වහන්සේ දැන ගන්නා පිණිස” ඔවුන්ව දිරිමත් කළ හැකිය (කොලොස්සි 2:2).