උතුරු තායිලන්තයේ “රැස්වූ කණ්ඩායම” යනු අන්තර් නිකායික ජාත්‍යන්තර දේවස්ථානයකි. මෑත ඉරු දිනකදී කොරියාව, ඝානාව, පකිස්ථානය, චීනය, බංගලදේශය, එක්සත් ජනපදය, පිලිපීනය සහ වෙනත් රටවල යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් පැරණි හෝටල් සම්මන්ත්‍රණ ශාලාවක් තුළ රැස්වූහ. ඔවුහු ඉංග්‍රීසි බසින් ගායනා කළ “ක්‍රිස්තුස් තුළ පමණී” සහ “මම දෙවියන්වහන්සේගේ දරුවෙක්මි” යන ගීතිකාවන් එම පසුබිම තුළ විශේෂයෙන් සංවේදී වුනි.

යේසුස්වහන්සේ මෙන් ජනතාව එක්රැස් කරන වෙනත් කෙනෙක් නැත. උන්වහන්සේ එය මුල සිටම කරමින් සිටි සේක. පළමුවන සියවසේදී අන්තියෝකියේ විවිධ ජනවාර්ගික කණ්ඩායම් දහ අටක් සිටි අතර ඒ සෑම කණ්ඩායමක්ම නගරයේ තමන්ගේ ප්‍රදේශයේ ජීවත් වූහ. ඇදහිලිවන්තයන් මුලින්ම අන්තියෝකියට පැමිණී විට ඔවුන් යේසුස්වහන්සේ ගැන පතුරුවා හැරියේ “යුදෙව්වන් අතර පමණක්ය” (ක්‍රියා 11:19). කෙසේ වෙතත් සභාව ගැන දෙවියන්වහන්සේගේ සැළැස්ම එය නොවීය. ඔවුන්ගෙන් වෙනත් අය පැමිණ (නොඇදහිලිවතුන් වන) “ග්‍රීකයන්ටත් කථා කරමින් ස්වාමිවූ යේසුස්වහන්සේ ගැන දේශනා කළෝය”. එමෙන්ම “විශ්වාස කළාවූ බොහෝ දෙනෙක් ස්වාමින්වහන්සේ වෙතට හැරුණෝය” (20-21 පදය). යේසුස්වහන්සේ යුදෙව්වන් සහ ග්‍රීකයන් අතර සියවස් ගණනාවක් පැවති වෛරය සුව කරන බව නගරයේ මිනිසුන් දුටු විට ඔව්හු මෙම බහු වාර්ගික සභාව “ක්‍රිස්තියානුවන්” හෝ “කුඩා ක්‍රිස්තුස්” ලෙස හැඳින්වුහ (26 පදය).

අපට වඩා වෙනස් අය සමග එකතු වීම සඳහා ජනවාර්ගික, සමාජීය හා ආර්ථික සීමාවන් හරහා යාම අපට අභියෝගයක් විය හැකිය. නමුත් මෙම දුෂ්කරතාවය අපගේ අවස්ථාව වනු ඇත. එය දුෂ්කර නොවේ නම් එය කිරීමට යේසුස්වහන්සේ අපට අවශ්‍ය නොවනු ඇත. එසේම ස්වල්ප දෙනෙක් පමණක් අපි උන්වහන්සේව අනුගමනය කරන බව දැන ගන්නවා ඇත.