බීජවලින් කිහිරි ගස් ඇති කළ තැනන්වහන්සේ කළලයක් ලෙස ජීවිතය ආරම්භ කළ බවත් තරු සෑදූ තැනන්වහන්සේ ගර්භාෂයට යටත් වූ බවත් අපේ කාලයේ අතිධ්වනියේ (මබකඑර්ිදමබා) කුඩා තිතක් බවට පත්වූ තැනන්වහන්සේ අහස පිරවූ බවත් ස්වභාවයෙන්ම දෙවියන්වහන්සේ වූ යේසුස්වහන්සේ සියල්ල ඉවත් කළ බවත් (පිලලිප්පි 2:7) ගැන ටිකක් සිතන්න. කෙතරම් විශ්මය ජනක සිතුවිල්ලක්ද!

යේසුස්වහන්සේ සාමාන්‍ය පිටිසර ගම්මානයක එfඬ්රුන් සහ දේවදූතයන්ද අහසේ දීප්තිමත් ආලෝකයන්ද සමග උපත ලැබූ අතර උන්වහන්සේගේ ප්‍රථම නැළවිලි ගීත වූයේ සතුන්ගේ හඬ පමණක් බව සිතා බලන්න. උන්වහන්සේ ප්‍රසාදය සහ උසින් වැඩෙන ආකාරය නරඹන්න: තරුණයෙක් ලෙසට මහත් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ගුරුවරුන් මවිතයට පත් කිරීම; ජොර්දානයේ තම පියාණන්ගෙන් අනුමැතිය ලබා ගැනීම; සහ වනාන්තරයේ උන්වහන්සේ කුසගින්නෙන් සහ යාච්ඤාවෙන් පොර බැදීම.

ඊළඟට බලන්න : රෝගීන් සුව කිරීම, ලාදුරු රෝගීන්ව ස්පර්ශ කිරීම, අපිරිසිදු අයට සමාව දීම ආදියෙන් ලෝකය වෙනස් කිරීමේ උන්වහන්සේගේ මෙහෙවර ආරම්භ කරන ආකාරය. උන්වහන්සේ වේදනාවෙන් උයනක දණ ගසා සිටින අවස්ථාවේදී උන්වහන්සේව අත් අඩංගුවට ගන්නා ආකාරයත් උන්වහන්සේගේ සමීපතම මිතුරන් පලා යන ආකාරයත් බලන්න. උන්වහන්සේගේ මුහුණට කෙළ ගසන ආකාරයත් ලී පුවරු දෙකක අපගේ පව් උන්වහන්සේගේ උරහිස් මත දරා ගත් උන්වහන්සේව ඇණ ගසන ආකාරයත් බලන්න. නමුත් බලන්න. ඔව් නැවතත් බලන්න : ගල පෙරළී යන්නේය. බොල් හඬ නගන හිස් සොහොනක්! මන්ද උන්වහන්සේ ජීවමානව සිටින බැවිනි.

උන්වහන්සේ ඉහළම ස්ථානයට ඔසවන ආකාරය බලන්න (9 පදය). අහසත් පොළොවත් උන්වහන්සේගේ නාමයෙන් පිරී යන ආකාරය බලන්න (10-11 පද).

අතිධ්වනියේ කුඩා තිතක් බවට පත්වූ තරුවල මැවුම්කරුවාණන් අපගේ මෙම නත්තල් දරුවාය.