මම මගේ වියපත් සුනඛයා වූ විල්සන්ට තණකොළ වෙතට යාමට උපකාර කළ අතරතුර අපේ බලු පැටවා වන කෝච්ව විනාඩියකට පමණක් දම්වැලෙන් නිදහස් කළෙමි. කෝච්ගේ දම්වැල ගැනීමට මම නැමුණු විට ඔහු හාවෙකු දැක ඒ පසුපස දිව ගියේ මගේ දකුණතින් දම්වැල ඇදගෙන මගේ මුදු ඇඟිල්ලද අඹරවා දමමිනි. මම තණ බිස්ස මත වැටී වේදනාවෙන් කෑගැසුවෙමි.

හදිසි ප්‍රතිකාර වලින් ආපසු පැමිණී විට ශල්‍යකර්මයක් කළ යුතු යැයි මම දැන ගත්තෙමි. මම දෙවියන් වහන්සේගෙන් උපකාර ඇයැදියෙමි. “මම ලේඛිකාවක්. මම යතුරු ලියනය කරන්නේ කෙසේද? මගේ දෛනික රාජකාරී වලට කුමක් වේවිද?” දෙවියන්වහන්සේ සමහර අවස්ථාවලදී කරන පරිදි මගේ දිනපතා බයිබල් කියවීමෙන් මට කථා කළ සේක : “මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේ වන මම: භය නොවන්න. මම නුඹට පිහිට වන්නෙමියි කියමින් නුඹේ දකුණත අල්ලන්නෙමි” (යෙසායා 41:13) යැයි කී සේක. මම අන්තර්ගතය නිරීක්‍ෂණය කළෙමි. එයින් පෙන්නුම් කළේ යෙසායා විසින් ඔහුගේ පණිවුඩය ප්‍රකාශ කළ යුදාහි දෙවියන්වහන්සේගේ ජනතාව උන්වහන්සේ සමග විශේෂ සම්බන්ධතාවයක් භුක්ති විඳින බවයි. උන්වහන්සේගේ දකුණු අත සංකේතවත් කරන උන්වහන්සේගේම ධර්මිෂ්ඨ ස්ථාවරය උන්වහන්සේගේ අභිමුඛය, ශක්තිය සහ උපකාරය මගින් ලබා දීමට උන්වහන්සේ පොරොන්දු වූ සේක.

සුවය ලබමින් සිටි සති කිහිපය තුළදී පරිඝණකයට කථා කර මගේ ලියවිලි කර ගැනීමටත් ගෘහ සහ අනෙකුත් වැඩ කටයුතු සඳහා මගේ වම් අත භාවිතා කිරීමට ඉගෙන ගැනීමටත් දෙවියන්වහන්සේගේ දිරිගැන්වීම මම අත් වින්දෙමි. දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ දකුණතේ සිට බිඳුණු සහ අසරණ වූ අපගේ දකුණත දක්වා දෙවියන්වහන්සේ පොරොන්දු වන්නේ අප සමග සිටින බවත් අපට උපකාර කරන බවත්ය.