“ආත්මයේ තත්ත්වය සෑම පැත්තකින්ම පරීක්‍ෂා කිරීම සඳහා එfඬ්රාට මහත් ප්‍රඥාවක් සහ ඇස් දහසක් අවශ්‍යයයි” යනුවෙන් සභාවේ ආදරණීය පියෙක් වන ජෝන් ක්‍රිසොස්ටම් ලිවීය. ක්‍රිසොස්ටොම් මෙම වචන ලීවේ අධ්‍යාත්මික වශයෙන් අන් අයව හොඳින් රැක බලා ගැනීමේ සංකීර්ණතාවය පිළිබඳ සාකච්ඡාවේ කොටසක් ලෙසින්ය. කිසිවෙකුටත් සුව කිරීමට බල කළ නොහැකි හෙයින් අන් අයගේ හදවත් වෙතට ළඟා වීමට මහත් සහානුකම්පාවක් සහ දයානුකම්පාවක් අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

නමුත් එයින් කිසි විටෙකත් වේදනාවක් ඇති නොවන්නේ යයි අදහස් නොවන බව ක්‍රිසොස්ටොම් අනතුරු අඟවන්නේය. “ගැඹුරු ශල්‍යකර්මයක් අවශ්‍ය කෙනෙකුට ඔබ ඕනෑවට වඩා මෘදු ලෙස හැසිරෙන්නේ නම් සහ එයට අවශ්‍ය ගැඹුරු කැපීම නොකරන්නේ නම් ඔබ අංග ඡේදනය කළත් ඔබට පිළිකාව මග හැරෙනු ඇත. නමුත් අනුකම්පා විරහිතව අවශ්‍ය කැපීම සිදු කළද බොහෝ විට රෝගියා ඔහුගේ දුක් වේදනා ගැන බලාපොරොත්තු සුන්වී සියල්ල පසෙකට වීසි කර දමයි. නැතහොත් ඉතා ගැඹුරු කලකිරීමකට පත්වනු ඇත.

ව්‍යාජ ගුරුවරුන් විසින් නොමග යවන අයට ප්‍රතිචාර දක්වමින් යූද් විස්තර කරන ආකාරයෙහි සමානකමක් ඇති අතර ඔවුන්ගේ හැසිරීම දරුණු ලෙස විස්තර කරයි (1:12-13; 18-19). නමුත් එවැනි දරුණු තර්ජනයන්ට ප්‍රතිචාර දැක්වීමේදී දැඩි කෝපයෙන් ප්‍රතික්‍රියා කිරීමට ඔහු යෝජනා නොකරයි.

ඒ වෙනුවට ඔහු ඉගැන්වූයේ ඇදහිලිවන්තයන් තර්ජනයට ප්‍රතිචාර දැක්විය යුත්තේ දෙවියන්වහන්සේගේ ප්‍රේමය තුළ වඩාත් ගැඹුරින් මුල් ඇද ගැනීමෙනි (20-21 පදය). මක්නිසාද දෙවියන්වහන්සේගේ නොවෙනස් වන ප්‍රේමය තුළ අපි දැඩි ලෙස නැංගුරම් ලා ඇති විට පමණයි අන් අයට සුදුසු ලෙස ඉක්මණින්ද නිහතමානී කමෙන් සහ අනුකම්පාවෙන්ද උපකාර කිරීමේ ප්‍රඥාව අපට සොයා ගත හැකි වන්නේ (22-23 පද). ඔවුන්ට සුවය සහ දෙවියන්වහන්සේගේ අසීමිත ප්‍රේමය තුළ විශ්‍රාමය සොයා ගැනීමට ක්‍රමයද එය වන්නේය.