නිව් යෝර්ක් හී මහජන පුස්තකාලයට ඇතුල්වන ස්ථානයේ රාජකීය ගල් සිංහයන් දෙදෙනෙක් මුරට සිටියි. කිරිගරුඬෙන් කපන ලද ඔවුන් 1911 පුස්තකාලය කැප කිරීමේ දවසේ සිට එහි ආඩම්බරයෙන් සිටිති. පුස්තකාලයේ නිර්මාතෘවරුන්ට ගෞරව කිරීමට ඔවුන්ව මුලින්ම නම් කළේ “ලියෝ ලෙනොක්ස්” සහ “ලියෝ ඇස්ටර්” යනුවෙනි. නමුත් මහා අවපාත සමයේදී නිව් යෝර්ක් නගරයේ නගරාධිපති ෆියෝරෙලෝ ලාගාර්ඩියා ඔවුන්ව “ධෛර්්‍යය සහ ඉවසීම” යනුවෙන් නැවත නම් කරන ලද්දේ නිව් යෝර්ක් වැසියන් එම අභියෝගාත්මක කාලයේදී විදහා දැක්විය යුතු වු ගුණාංග ඒවා බව ඔහු සිතූ හෙයිනි. අදටත් සිංහයන් හැඳින්වෙන්නේ “ධෛර්්‍යය සහ ඉවසීම” යනුවෙනි.

බයිබලයේ ජිවමාන බලවත් සිංහයෙක් ගැන විස්තර කරන අතර කරදර වලදී දිරිගැන්වීමක් ලබා දෙන උන්වහන්සේව වෙනත් නම් වලින්ද හඳුන්වනු ලබන සේක. අපෝස්තලු යොහන් ස්වර්ගය පිළිබඳ ඔහුගේ දැක්මෙහිදී දෙවියන්වහන්සේගේ විනිශ්චය සහ මිදීමේ සැළැස්ම ඇතුළත් මුද්‍රා තැබු ලියවිල්ල කිසිවෙකුටවත් විවෘත කිරීමට නොහැකි වු බව දුටු විට හැඬුවේය. එවිට යොහන්ට කියනු ලැබුවේ “නොහඬන්න. මෙන්න, පොත සහ එහි මුද්‍රා සත දිග අරින ලෙස යුදාගේ ගෝත්‍රයෙන් වූ සිංහයාද දාවිත්ගේ මුලද වූ තැනන්වහන්සේ ජය ගත් සේක” (එළිදරව් 5:5) යනුවෙනි.

නමුත් ඊළඟ පදයේ යොහන් සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් විස්තර කරයි : “මරනු ලැබුවාක් මෙන් පෙණුනාවූ බැටළු පැටවෙක් සිංහාසනය මධ්‍යයේ සිටිනවා දුටිමි” (6 පදය). සිංහයා සහ බැටළු පැටවා එකම පුද්ගලයාය. එනම් යේසුස්වහන්සේමය. උන්වහන්සේ ජයග්‍රාහී රජු සහ “ලෝකයේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවාණෝද” (යොහන් 1:29) වන සේක. උන්වහන්සේගේ ශක්තියෙන් සහ උන්වහන්සේගේ කුරුසියෙන් අපට දයාව සහ පව් සමාව ලැබෙන්නේ අපට ප්‍රීතියෙන් ජීවත් වෙන්නත් උන්වහන්සේ සදාකාලයටම බව සිතන්නත්ය.