එක්සත් ජනපදයේ රත්රන් සෙවීමේ කලබල කාලයේදී රන් සොයන්නෙක් වූ එඞ්වඞ් ජැක්සන් කැලිෆෝර්නියාවට යන විට 1849 මැයි 20 වන දින ඔහුගේ දිනපොතේ මෙසේ සටහන් කර තිබුණේ ඔහුගේ අසීරු අශ්ව කරත්ත ගමන ගැන සහ රෝගී තත්ත්වය ගැනත් මරණය ගැනත් වැලපෙමිනි. “අහෝ මගේ ඇට කටු මෙතැන තබන්න එපා” ඔහු ලිවීය. “හැකි නම් ඒවා මගේ නිවසේ තැන්පත් කරන්න ඔවුන්ට ඉඩ දෙන්න”. ජෝන් වෝකර් නම් තවත් රන් සොයන්නෙක් මෙසේ ලිවීය : “එය ඔබට සිතා ගත හැකි වඩාත්ම සම්පූර්ණ ලොතරැයි යයි…. කිසිදු පුද්ගලයෙක්ට එන ලෙසට මට උපදෙස් දිය නොහැක”.

කෙසේ වෙතත් වෝකර් ආපසු නිවසට පැමිණ හේන් ගොවිතැන, සත්ව ගොවිපළ සහ ප්‍රාන්ත දේශපාලනයෙන් සාර්ථක වුනි. වෝකර්ගේ කහ වර්ණ වී තිබුණු ලිපි පවුලේ සාමාජිකයෙක් විසින් “ඇන්ටික්ස් රෝඞ් ෂෝ” නම් වූ ඇමරිකානු රූපවාහිණි වැඩ සටහනකට ගෙන ගිය විට ඒවාට ඩොලර් දහස් ගණනක වටිනාකමක් දෙන ලදී. රූපවාහිනි වැඩ සටහන ඉදිරිපත් කරන්නා කීවේ “එසේ නම් ඔහු රත්රන් සෙවීමට කලබල වූ කාලයේ වටිනා දෙයක් ලබා ගත් බවයි. එනම් ලිපි”.

ඊටත් වඩා වෝකර් සහ ජැක්සන් යන දෙදෙනාම ප්‍රඥාව ලබා ගෙන නිවෙස් වෙතට ගිය අතර වඩාත් ප්‍රායෝගික ජීවිතයක් ගත කිරීමට එය ඔවුන්ට උපකාරී විය. සාලමොන් රජුගේ ප්‍රඥාව පිළිබඳ මෙම වචන සළකා බලන්න : “ඈ (ප්‍රඥාව) ලබා ගන්නෝ වාසනාවන්තයෝය. ඈ අල්ලා ගන්නන්ට ඈ ජීවන වෘක්‍ෂයක්ය” (හිතෝපදේශ 3:13, 18). ඥානවන්ත තේරීමක් නම් “එහි ප්‍රයෝජනය රිදීවල ප්‍රයෝජනයටත් ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය” (14 පදය) කියාය. ඕනෑම භූමික ආශාවකට වඩා ප්‍රඥාව වටින්නේය (15 පදය).

“ඇගේ දකුණතෙහි දීර්ඝායුෂද… ඇගේ සියලුම මාර්ග සමාදානයය” (16-17 පද). එබැවින් අපගේ අභියෝගය නම් දීප්තිමත් පැතුම නොව ප්‍රඥාව තදින් අල්ලා ගැනීමයි. එය දෙවියන්වහන්සේ ආශිර්වාද කරන මාවතකි.