“නත්තල අවසන් වූවා යැයි මට විශ්වාස කළ නොහැක” කියා මගේ අධෛර්්‍යයට පත් වූ දියණිය පැවසුවාය. ඇයට දැනෙන්නේ කෙසේදැයි මම දනිමි. නත්තල් කාලයෙන් පසු කාලය නීරස විය හැකිය. තෑගී විවර කර තිබේ. නත්තල් ගහ සහ විදුලි පහන් පහළට ආ යුතුව ඇත. ලැයිස්තු ගත නොවී ඇති ජනවාරි මාසය සහ බොහෝ දෙනෙකුට නිවාඩු කාලයේ ශරීර බර අඩු කර ගැනීමේ අවශ්‍යතාවයයි. නත්තල සහ ඒ සමග එන අපේක්‍ෂාවන් හදිසියේම බොහෝ ඈතකට ගොස් ඇතැයි හැඟේ.

මීට වසර කිහිපයකට පෙර අපි නත්තල් භාණ්ඩ ඉවත දමමින් සිටියදී මට මෙසේ වැටහුණි : දින දර්ශනය කුමක් කීවත් සෑම විටම ඊළඟ නත්තලට අපි දවසක් සමීපව සිටින්නෙමු යන්න මම නිතර නිතර කියන දෙයක් බවට පත්වුනි.

නමුත් අපගේ තාවකාලික නත්තල් උත්සවයට වඩා වැදගත් වන්නේ එය පිටුපස ඇති ආත්මික යථාර්ථයයි : යේසුස්වහන්සේ අපේ ලෝකයට ගෙන ආ ගැළවීම සහ උන්වහන්සේගේ නැවත පැමිණීමේ අපේ බලාපොරොත්තුවයි. ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම දෙස බලා සිටීම, නැවතී සිටීම සහ ආශා වීම ගැන දේව වචනය නැවත නැවතත් කථා කරයි. පිලිප්පි 3:15-21 දක්වා පාවුල් පවසන දෙයට මම කැමැත්තෙමි. ඔහු කැමැත්ත වන්නේ ලෝකයේ ජීවන රටාව එනම් “ලෝකයේ දේවල් සැළකීම” (19 පදය) ට එරෙහිව වෙනස් වී යේසුස් වහන්සේගේ නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙන් හැඩ ගැසුණු ජීවන රටාවක් ගොඩ නැංවීමයි. “අපේ නාගරිකත්වය ස්වර්ගයෙහිය. එතැනින් ගැළවුම්කාරයෙක් වන ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එනවා අපි බලා සිටිමුව” (20 පදය).

අපගේ “නාගරිකත්වය ස්වර්ගයෙහිය” යන යථාර්ථය අප බලාපොරොත්තු වන දේ සහ අප ජීවත් වන ආකාරය ඇතුළු සියල්ල වෙනස් කරයි. ගෙවී යන සෑම දිනක්ම යේසුස්වහන්සේගේ නැවත පැමිණීමට එක් දිනක් ළංව සිටින බව දැන ගැනීමෙන් එම බලාපොරොත්තුව ශක්තිමත් කරන්නේය.