පිලිපීනයේ හැදී වැඩෙන විට මිචෙලන් අභියෝග වලට මුහුණ දුන් නමුත් නිතරම වචන වලට ප්‍රිය කළ අතර එයින් සහනයක් ලබා ගත්තාය. පසුව දිනක් විශ්ව විද්‍යාලයට යන විට ඇය යොහන් ශුභාරංචියේ පළමු පරිච්ඡේදය කියවූ අතර ඇගේ “ගල් හිත කැළඹුණි”. ඇයට දැණුනේ යම් කෙනෙක් ඇයට මෙසේ කියනවාක් මෙනි. “ඔව්, ඔබ වචන වලට ප්‍රිය කරන්නේය. මෙය අනුමාන කළ හැකිද? සදාකාලික වචනයක් තිබේ. දැන් සහ සැම විටම අන්ධකාරය බිඳ දැමිය හැකි. මාසංය බවට පත්වු වචනයක්. පෙරළා ඔබට ප්‍රේම කරන වචනයක්”.

උත්පත්ති ආරම්භය ගැන යොහන්ගේ පාඨකයන්ට මතක් කර දෙන වචන වලින් ආරම්භ වන ශුභාරංචිය ඇය කියවමින් සිටියාය : “පටන්ගැන්මෙහිදී….” (උත්පත්ති 1:1). ආරම්භයේදී යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ සමග පමණක් නොව දෙවියන්වහන්සේම වූ බව පෙන්වීමට යොහන් තුමා උත්සාහ කළේය (යොහන් 1:1). තවද මෙම ජීවමාන වචනය මාසංවත්වී අප අතරෙහි වාසය කළ සේක (14 පදය). එසේම යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිළිගත්තෝද උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගත්තෝද ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන් වන්නෝය (12 පදය).

මිචෙලන් එදින දෙවියන්වහන්සේගේ ප්‍රේමය වැළඳ ගෙන “දෙවියන්වහන්සේගෙන් උපත ලැබුවාය” (13 පදය). තම පවුලේ ඇබ්බැහි වීමේ රටාවන්ගෙන් ගළවා ගැනීම ගැන ඇය දෙවියන්වහන්සේට ගෞරවය දෙන අතර යේසුස්වහන්සේගේ ශුභාරංචිය ගැන ලියමින් ඇගේම වචනවලින් ජීවමාන වචනය බෙදා ගැනීම ගැන සතුටු වන්නීය.

අපි ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවන්තයින් නම් අපටත් දෙවියන්වහන්සේගේ පණිවුඩය හා උන්වහන්සේගේ ප්‍රේමය බෙදා ගත හැකිය. අපි 2022 ආරම්භ කරන විට මෙම වසරේදී අපට කථා කළ හැකි කරුණාවෙන් පිරී වචන මොනවාද?