බ්‍රයෝනිට අවුරුදු තිහක් වූ විට ඇය අකමැතිවූ අලෙවි රැකියාවක තවමත් නිරතව සිටීම ගැන ඇය කණගාටු වූවාය. තවත් කල් නොදමා නව වෘත්තියක් සොයා ගැනීමට කාලය පැමිණ ඇති බව ඇය තීරණය කළාය. ඬේවිඞ්ට නම් අලුත් අවුරුදු දිනයේදී කැඩපත දෙස බලා ගෙන ඔහු බර අඩු කර ගත යුතු වසර මෙය බවට පොරොන්දු වීය. තම දැඩි කෝපය අඩු නොවී තවත් මාසයක් ගත වන අයුරු බලා සිටීමට ජේම්ස්ට සිදු වන්නේය. ලබන මාසයේදී කෝප නොවීමට දැඩි උත්සාහයක් දරණ බවට ඔහු පොරොන්දු වූයේය.

නව මාසයක්, නව වසරක් ආරම්භයේදී හෝ ප්‍රධාන උපන් දිනක හෝ වෙනස් වීමට ඔබ කවදා හෝ පොරොන්දු වී ඇත්නම් ඔබ තනිවම නොවේ. පර්යේෂයකයන්ට ඒ සඳහා නමක් තිබේ. “නැවුම් ආරම්භක බලපෑම”. ඔවුන් යෝජනා කරන්නේ මෙවැනි දින දර්ශන වලදී අපි අපේ ජීවිත තක්සේරු කිරීමට වැඩි ඉඩක් ඇති බවත් නැවත පටන් ගැනීමට අපගේ අසමත් වීම් පසෙකට දැමීමට උත්සාහ කළ යුතු බවත්ය. යහපත් මිනිසුන් වීමට අවශ්‍ය නම් අපි අලුත් ආරම්භයකට ආශා විය යුතු වන්නෙමු.

යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල මෙම ආශාව ගැන බලවත් ලෙස කථා කරන අතර අපට යහපත් අයවලුන් විය හැක්කේ කෙසේද යන්නට දැක්මක්ද ඉදිරිපත් කරයි (කොලොස්සි 3:12-14). එසේම අපගේ පැරණි මනුෂ්‍යයාව අතහැර දමන ලෙසටද ආරාධනා කරයි (5-9 පද). එය මෙම වෙනස ඉදිරිපත් කරන්නේ තීන්දු සහ පොරොන්දු වලින් පමණක් නොව දිව්‍යමය බලයෙන්ය. අපි යේසුස්වහන්සේව විශ්වාස කරන විට අපි නව මිනිසුන් වන අතර අපව සම්පූර්ණ කිරීම සඳහා දෙවියන්වහන්සේගේ ආත්මය අප තුළ ක්‍රියා කරන සේක (කොලොස්සි 3:10; තීතස් 3:5).

යේසුස්වහන්සේ තුළ ගැළවීම ලැබීම විශිෂ්ඨතම ආරම්භය වන්නේය. දින දර්ශනයේ විශේෂ දිනයක් එන තුරු බලා සිටීම අවශ්‍ය නොවේ. ඔබගේ නව ජීවිතය මේ මොහොතේදීම පටන් ගත හැකිය.