“මගේ සීයා මාව මුහුදු වෙරළට කැටුව ගිය සෑම විටම” සැන්ඩ්‍රා සිහිපත් කළාය : “ඔහු නිතරම ඔරලෝසුව ගළවා එය වෙන තැනක තැබුවේය. එක් දිනක් ඒ ඇයි කියා මම ඔහුගෙන් ඇසුවෙමි”. ඔහු සිනහසෙමින් පිළිතුරු දුන්නේය. “මන්දයත් ඔබත් සමග ගත කරන මගේ කාලය මට කෙතරම් වැදගත්ද කියා ඔබ දැන ගැනීම මට අවශයි. කාලයට යන්නට හැර මට ඔබ සමග සිටීමට ඉඩ දෙන පිණිසයි”.

ඇගේ සීයාගේ අවමංගල්‍ය උත්සවයේදී සැන්ඩ්‍රා එම මතකය බෙද ගන්නවා මට ඇසුණි. එය ඔවුන් දෙදෙනා එකට සිටි ජීවිතයේ ඇගේ ප්‍රියතම මතකයන්ගෙන් එකකි. අන් අය අප වෙනුවෙන් කාලය වැය කරන විට අප කෙතරම් වටින්නේද යන හැඟීම ගැන මම කල්පනා කරන විට දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය සැළකිල්ල ගැන දේව වචනයේ සඳහන් වචන මගේ මතකයට නැගුණි.

දෙවියන්වහන්සේ සෑම විටම අප වෙනුවෙන් කාලය වෙන් කරන සේක. 145 වන ගීතාවලියේ දාවිත් මෙසේ යාච්ඤා කළේය : “ඔබ ස්වකීය හස්තය විදහා ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරන සේක. ස්වාමින් වහන්සේ ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය. ස්වකීය සියලු ක්‍රියාවලින් දයාන්විතය. ස්වාමින්වහන්සේ …. සියල්ලන්ට ළංව සිටින සේක” (16-18 පද).

දෙවියන්වහන්සේගේ යහපත්කම සහ කල්පනාකාරී අවධානය සෑම තත්පරයකදීම අපගේ ජීවිත පවත්වා ගෙන යන අතර එමඟින් අපට හුස්ම ගැනීමට වාතය සහ කෑමට ආහාර ලබා දෙන සේක. උන්වහන්සේ ප්‍රේමයෙන් පොහොසත් නිසා සියල්ලේ මැවුම්කරුවාණන් වහන්සේ අපගේ පැවැත්මේ ඉතා සංකීර්ණ දේවල් පවා දයානුකම්පිතව නිර්මාණය කර තිබෙන සේක.

දෙවියන්වහන්සේගේ ප්‍රේමය කෙතරම් ගැඹුරු හා නිමක් නැතිද යත් උන්වහන්සේගේ කරුණාව සහ දයාව තුළින් සදාකාල ජීවනය සහ උන්වහන්සේගේ අභිමුඛයේ ප්‍රීතිය සඳහා මාවත විවර කර ඇත්තේ “මම ඔබට බොහෝ සෙයින් ප්‍රේම කරමි. මට ඔබ සමග සදහටම සිටීමට අවශ්‍යයි. කාලයට යන්න ඉඩ හරින්න” කියා කියන්නාක් මෙන්ය.