සිල්වර් ලේක්හි උතුරු වෙරළේ ඉතා උස්වූ වැලි වැටිය නිසා අවට ඇති නිවාස ගසා ගෙන යන වැලිවලට යට වීමේ අවදානමකට ලක්වේ. නිවැසියන් තම නිවෙස් ආරක්‍ෂා කර ගැනීමට වැලි ගොඩැල්ල ඉවත් කිරීමට උත්සාහ කළද හොඳින් ඉදි කළ නිවෙස් ඔවුනු්ගේ ඇස් ඉදිරිපිටම වැළලී යන ආකාරය අසරණව බලා සිටියහ. මෑතකදී විනාශ වුනු ගෘහයක් පිරිසිදු කිරීමේ ක්‍රියාවලියෙන් පසු ප්‍රදේශය භාර නිලධාරියා එම ක්‍රියාවලිය වළක්වා ගත නොහැකි බව තහවුරු කළේය. මෙම අස්ථිර වැලි ගොඩැල්ලේ අන්තරාය මග හැරීමට ගෘහ හිමියන් කෙතරම් උත්සාහ කළද ශක්තිමත් අත්තිවාරමක් සැපයීමට මෙම වැලි ගොඩැලි වලට නුපුළුවන් වුනි.

වැලි මත නිවසක් තැනීමේ නිෂ්ඵල කම යේසුස්වහන්සේ දැන සිටි සේක. බොරු අනාගතවක්තෘන්ගෙන් ප්‍රවේශම් වන ලෙස ගෝලයන්ට අනතුරු ඇඟවීමෙන් පසු උන්වහන්සේ ඔවුන්ට සහතික වූයේ ප්‍රේමණීය කීකරුකම ප්‍රඥාව විදහා දක්වන බවයි (මතව් 7:15-23). උන්වහන්සේගේ වචනය අසා “ඒවා පිළිපදින තැනැත්තා පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් නුවණ ඇති මනුෂ්‍යයෙකුට” සමාන බව උන්වහන්සේ කී සේක (24 පදය). දෙවියන්වහන්සේගේ වචනය අසා යමෙක් ඒවා නොපිළිපදීද ඔහු තමාගේ ගෙය වැලි මත සාදා ගත් නුවණ නැති මනුෂ්‍යයෙක්ට සමානය (26 පදය).

පීඩා හෝ කරදර යටතේ වැලි අපව භූමදාන කරන්නේය යන තත්ත්වයන් දැනෙන විට අපගේ පර්වතය වන ක්‍රිස්තුස්වහන්සේ මත අපගේ බලාපොරොත්තුව තැබිය හැකිය. උන්වහන්සේගේ නොවෙනස් ගුණාංගයන්ගේ නොසෙල්වෙන අත්තිවාරම මත අපගේ පහසුවෙන් ඇදෙන ඇදහිල්ල වර්ධනය කර ගැනීමට උන්වහන්සේ අපට උපකාර කරන සේක.