ලොව පුරා මිනිසුන් කෙටි පණිවුඩ තුළින් අදහස් ප්‍රකාශ කරන වේදිකාවක් සමාජ මාධ්‍ය බලවතා වන ට්විටර් විසින් නිර්මාණය කරන ලදී. කෙසේ වෙතත් මෑත කාලයේදී පුද්ගලයින් තමන් එකඟ නොවන ආකල්ප හා ජීවන රටාවන් සඳහා අන් අයට තරවටු කිරීමේ මෙවලමක් ලෙස ට්විටර් භාවිතා කිරීමට පටන් ගත් හෙයින් මෙම මෙවලම වඩාත් සංකීර්ණ වී ඇත. දෙන ලද ඕනෑම දිනක මෙම වේදිකාවට පිවිසෙන්න. අවම වශයෙන් එක් අයෙකුගේ නමක් හෝ “නැගී එන” ආකාරය ඔබට දැක ගත හැකි වන්නේය. එම නම මත ක්ලික් කරන්න. පැන නැගී ඇති කුමන මතභේදයක් ගැන හෝ මිලියන ගණනක් දෙනා අදහස් ප්‍රකාශ කරන අයුරු ඔබට දැක ගත හැකි වන්නේය.

මිනිසුන් දරණ විශ්වාසයේ සිට අඳින ඇඳුම දක්වාම සෑම දෙයක්ම ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට අපි ඉගෙන ගෙන ඇත්තෙමු. කෙසේ වෙතත් යතාර්ථය වන්නේ යේසුස්වහන්සේගේ ඇදහිලිවන්තයන් ලෙසට දෙවියන් වහන්සේ කැඳවා ඇති අපට විවේචනාත්මක හා ආදර නොවන ආකල්පයන් තිබිය නොහැකි වීමයි. අපට එකඟ නොවිය හැකි අවස්ථාවන් වලදී ඇදහිලිවන්තයන් ලෙසට බයිබලය අපට සිහිපත් කරවන්නේ අපගේ හැසිරීම “දයාබර හිතකින්ද ගුණවන්ත කමින්ද යටත් කමින්ද මෘදු කමින්ද ඉවසිලිවන්ත කමින්ද” (කොලොස්සි 3:12) විය යුතු බවයි. අපගේ සතුරන් පවා දැඩි ලෙස විවේචනය කරනවා වෙනුවට “එකිනෙකා ගැන ඉවසමින් යමෙකුට විරද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට සමාවන” ලෙස (13 පදය) දෙවියන් වහන්සේ අපව උනන්දු කරවන සේක.

මෙම ප්‍රතිකාර ක්‍රමය අපගේ ජීවන රටාවන් හා විශ්වාසයන් සමග එකඟ වන පුද්ගලයින්ට පමණක් සීමා නොවේ. එය දුෂ්කර වූ විට පවා ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන් අපව ගළවා ගෙන ඇති බව දැන ගෙන උන්වහන්සේ අපට මග පෙන්වන ආකාරයට අපට හමුවන සෑම කෙනෙකුටම අපි කරුණාව හා ප්‍රේමය දක්වමු.