කුඩා රතු සෘජුකෝණාශ්‍රාකාර පෙට්ටිය අද්භූතය. කුඩා කාලයේදී මට එය සමග පැය ගණනක් සෙල්ලම් කළ හැකි වුනි. මම පෙට්ටියේ එක් බොත්තමක් හරවන විට එහි තිරය මත තිරස් රේඛාවක් සෑදිය හැකිය. අනෙක් බොත්තම හැරවූ විට සමාන්තර රේඛා, වෘත්තයක් සහ නිර්මාණාත්මක මෝස්තර සෑදිය හැකිය. නමුත් නියම මායාව මතු වූයේ මම මගේ “එට්ච් අ ස්කෙට්ච්” නම් වූ සෙල්ලම් බඩුව උඩු යටිකුරු කර එය ටිකක් සොලවා හරි පැත්තට හරවා ගත් විටයි. හිස් තිරයක් දිස්වූ අතර නව නිර්මමාණයක් කිරීමට මට අවස්ථාව ලබා දුන්නේය.

දෙවියන්වහන්සේගේ සමාව වැඩ කරන්නේද ඒ “එට්ච් අ ස්කෙට්ච්” හා සමානවය. උන්වහන්සේ අපගේ පාප මකා දමා අප වෙනුවෙන් පිරිසිදු කැන්වසයක් මවන සේක. අප කළ වැරදි අපට සිහිපත් වුවද දෙවියන් වහන්සේ සමාව දීමට සහ අමතක කිරීමට තෝරා ගන්නා සේක. උන්වහන්සේ ඒවා පිස දමා අපගේ පාප අපට විරුද්ධව තබා ගන්නේ නැත. උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකරන සේක (ගීතාවලිය 103:10). නමුත් සමාව තුළින් අනුග්‍රහය දීර්ඝ කරන සේක. අපි දෙවියන්වහන්සේගෙන් සමාව අයදින විට පිරිසිදු තිරයක් බඳුවූ නව ජීවිතයක් අපට ලැබෙන්නේය. උන්වහන්සේ අපට දුන් අපූරු ත්‍යාගය නිසා අපට වරදකාරී හැඟීමෙන් හා ලැජ්ජාවෙන් මිදිය හැකිය.

නැගෙනහිර බස්නාහිරෙන් දුරස්ව තිබෙන්නාක් මෙන් අපේ පව් අපෙන් දුරු කර ඇති බව ගීතිකාකරු අපට මතක් කර දෙන්නේය (12 පදය). ඒ ඈතින් ඈතටය. දෙවියන්වහන්සේගේගේ ඇස් හමුවෙහි අපේ පව් තවදුරටත් තද රතු අකුරක් හෝ නරක චිත්‍රයක් හෝ මෙන් අපට ඇලී නැත. ප්‍රීති වීමට සහ දෙවියන් වහන්සේගේ පුදුමාකාර කරුණාව සහ දයාව ගැන උන්වහන්සේට ස්තුති කිරීමට එය හේතුවක් වන්නේය.