“පලා යන්න” උණුසුම් නාන බේසමක් සවි කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන එළිමහන් වෙළඳ දැන්වීම් පුවරුව හඬ නගයි. එය මගේ අවධානයට මෙන්ම සිතීමටද පොළඹවයි. මමත් මගේ බිරිඳත් කවදා හෝ උණුසුම් නාන බේසමක් ලබා ගැනීමට කථා කර ගත්තෙමු. එය අපේ ගෙවත්තේ නිවාඩුවක් ගත කරනවා මෙනි. පිරිසිදු කිරීම සහ විදුලි බිල ගැන කල්පනා කරද්දී හදිසියේම පලා යාමේ බලාපොරොත්තුවෙන් මට පලා යාම අවශ්‍ය බවට හඬක් නැගුණි.

තවමත් එම වචනය ඉතා ඵලදායීව ආකර්ශණය කර ගන්නේ එය අපට අවශ්‍ය දෙයක් පොරොන්දු වන හෙයිනි. එනම් සහනය, සැනසීම, ආරක්‍ෂාව. පලා යන්න. එය අපේ සංස්කෘතිය විසින් අපව නොයෙකුත් ආකාරයෙන් පරීක්‍ෂා කරන හා පෙළඹවීමට ලක් කරන දෙයකි. දැන් විවේක ගැනීමේ හෝ ලස්සන තැනකට යාමේ වරදක් නැත. ජීවිතයේ දුෂ්කරතා වලින් පලා යාම සහ ඒවා සමග දෙවියන්වහන්සේව විශ්වාස කිරීම යන්න අතර වෙනසක් තිබේ.

යොහන් 16 හි යේසුස්වහන්සේ තම ගෝලයන්ට පවසන්නේ ඔවුන්ගේ ජීවිතවල ඊළඟ පරිච්ඡේදයේ ඔවුන්ගේ ඇදහිල්ල පරීක්‍ෂාවට ලක් වන බවයි. “ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ” (33 පදය) උන්වහන්සේ අවසානයේ සාරාංශ කරයි. ඉන් පසුව උන්වහන්සේ මෙම පොරොන්දුව එකතු කරන සේක. “නුමුත් ධෛර්්‍යයවත් වන්න. මම ලෝකයෙන් ජය ගතිමි” (33 පදය). තම ගෝලයින් බලාපොරොත්තු සුන් වීමට ඉඩ දෙනවාට යේසුස් වහන්සේ කැමති නොවූ සේක. ඒ වෙනුවට උන්වහන්සේ දෙන විශ්‍රාමය විශ්වාස කරන ලෙසට උන්වහන්සේ ඇරයුම් කරන සේක : “මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නූඹලාට කීවෙමි” (33 පදය).

යේසුස්වහන්සේ අපට වේදනා රහිත ජීවිතයක් පොරොන්දු වන්නේ නැත. නුමුත් උන්වහන්සේ පොරොන්දු වන්නේ අප උන්වහන්සේව විශ්වාස කර විවේක ගන්නා විට ලෝකයා අපට විකිණීමට උත්සාහ කරන “පලා යාමට” වඩා ගැඹුරු හා තෘප්තිමත් සමාදානයක් අපට භුක්ති විඳිය හැකි බවයි.