1929 දී එක්සත් ජනපදයේ ආර්ථිකය බිඳ වැටුණු අතර මිලියන ගණන් ජනතාවකට සියල්ල අහිමි වුනි. නමුත් ෆ්ලොයිඞ් ඔඞ්ලම්ට එය බලපෑවේ නැත. අනෙක් සියල්ලන්ම භීතියට පත්වී තම කොටස් අඩු මිළට අළෙවි කරන විට ජාතියේ අනාගතය බිඳ වැටීමත් සමගම ඔඞ්ලම් අඥාන ලෙස ඉක්මණින් මෙම සමාගම් වල කොටස් අඩු මිළට ගත් බවක් පෙනෙන්ට තිබුණි. නමුත් ඔඞ්ලම්ගේ මෝඩ දර්ශනය සාර්ථක වී දශක ගණනාවකට ශක්තිමත් ආයෝජනයක් බවට පත්වුනි.

දෙවියන්වහන්සේ යෙරෙමියාට පැවසුවේ අතීශයින්ම හාස්‍ය උපදවන ආයෝජනයක් සේ පෙනෙන දෙයක් කිරීමටය : “බෙන්යමින් දේශයේ අනාතෝත්හී තිබෙන කෙත මිළේට ගනින්න” (යෙරෙමියා 32:8) කියාය. කෙසේ වෙතත් කෙත්වතු මිළදී ගැනීමට මෙය හොඳ කාලයක් නොවේ. මුළු රටම කොල්ලකෑමකට ආසන්නව සිටියේය. “ඒ කාලයේ බබිලෝනියේ රජුගේ සේනාව යෙරුසලම වටලාගන සිටියහ” (2 පදය). යෙරෙමියා මිළදී ගන්නා ඕනෑම කෙතක් බබිලෝනියට අයිති වනු ඇත. ඉක්මණින් සියල්ල නැති වන විට ආයෝජනයක් කරන්නේ කුමන අඥානයාද?

කිසිවෙකුට සිතාගත නොහැකි අනාගතයක් අපේක්‍ෂා කරන දෙවියන්වහන්සේට සවන් දෙන පුද්ගලයාට
“ඉශ්‍රායලේ දෙවියන්වහන්සේ වන සර්ව බලධාරී ස්වාමින්වහන්සේ මෙසේ වදාරන සේක : මක්නිසාද ගෙවල්ද කෙත්ද මිදි වතුද නැවත මේ දේශයෙහි මිළේට ගන්නවා ඇත” (15 පදය). විනාශයට වඩා දෙයක් දෙවියන් වහන්සේ දුටු සේක. මිදීම, සුවය සහ නැවත පිහිටුවීම ගෙන ඒමට දෙවියන්වහන්සේ පොරොන්දු වූ සේක. දෙවියන්වහන්සේ උදෙසා සම්බන්ධතාවයක හෝ සේවාවක කරන හාස්‍යජනක ආයෝජනයක් අඥානකමක් නොවේ. එය සිදු කිරීමට දෙවියන්වහන්සේ අපට මඟ පෙන්වන විට කළ හැකි ඥානවන්තම පියවර එයයි. (එසේම මෙම උපදෙස්වල පිටුපස උන්වහන්සේ සිටින බව යාච්ඤාවෙන් යුතුව දැන ගැනීම අත්‍යවශ්‍ය වන්නේය). දෙවියන්වහන්සේ විසින් මග පෙන්වනු ලබන පරිදි අන් අය සඳහා කරන “අඥානවන්ත” ආයෝජන අර්ථවත් එකක් වන්නේය.