කාල් පිළිකාවට එරෙහිව සටන් කරමින් සිටි අතර ඔහුට ද්විත්ව පෙනහළු බද්ධ කිරීමක් අවශ්‍ය වුනි. ඔහු දෙවියන්වහන්සේගෙන් අලුත් පෙනහළු ඉල්ලා සිටියත් එය අමුතු දයෙක් ලෙස ඔහුට දැණුනි. ඒ දේ ගැන යාච්ඤා කිරීම අමුතු දෙයක් බවට ඔහු පාපොච්චාරණය කළේය. මන්දයත් “මට ජීවත් වීමට කෙනෙකු මිය යා යුතු වූ හෙයිනි”.

කාල්ගේ සැකය දේව වචනයේ මූලික සත්‍යයක් ඉස්මතු කර දක්වයි. ජීවිතය ලබා දීම සඳහා දෙවියන්වහන්සේ මරණය පාවිච්චි කරන සේක. අපට මෙය නික්මයාම කථාවේ පෙනේ. වහල්භාවයේ ඉපිද ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තිවරුන්ගේ පීඩාකාරී අත්වලට යටත්ව වැළපුණහ. දෙවියන්වහන්සේ එය පුද්ගලික දෙයක් කර ගන්නා තුරු ඵාරාවෝ ඔහුගේ ග්‍රහණය ලිහිල් කළේ නැත. සෑම පවුලක්ම නොකැළැල් බැටළු පැටවෙකු මරා එම ලේ දොරකඩ කණුව හරහා ගා නොතිබුණේ නම් එම පවුලේ වැඩිමහල් පුත්‍රයා මිය යෑමට නියමිතව තිබුණේය (නික්මයාම 12:6-7; 12-13).

අද ඔබත් මමත් ඉපිද සිටින්නේ පාපයේ බන්ධනයට යටත්වය. දෙවියන්වහන්සේ ස්වකීය පරිපූර්ණ පුත්‍රයා ලේ වැගිරෙන දෑතින් කුරුසියේ පූජා කරමින් දෙවියන්වහන්සේ එය පුද්ගලික දෙයක් කර ගන්නා තුරු සාතන් උගේ ග්‍රහණය ලිහිල් කළේ නැත.

යේසුස්වහන්සේ අපව කැඳවන්නේ එහි උන්වහන්සේ හා එක්වන ලෙසටය. පාවුල් මෙසේ පැහැදිළි කරයි.
“මම ක්‍රිස්තුස්වහන්සේ සමග කුරුසියෙහි ඇණ ගසනු ලැබ සිටිමි. එසේ වී නමුත් මම ජීවත් වෙමි. නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත් වන සේක” (ගලාති 2:20). අපි දෙවියන්වහන්සේගේ නොකැළැල් බැටළු පැටවා කෙරෙහි විශ්වාසය තබන විට අපි දිනපතා උන්වහන්සේ සමග මැරෙන්න කැප වන්නෙමු. අපගේ පාපයට මැරෙමින් උන්වහන්සේ සමග නව ජීවිතයකට අපට නැගී සිටිය හැකි වන්නේය (රෝම 6:4-5). පාපයේ විලංගු වලට නැත යයි කියාත් ක්‍රිස්තුස්වහන්සේගේ නිදහසට එසේය කියාත් අපි කියන සෑම විටකම අපි මෙම ඇදහිල්ල ප්‍රකාශ කරන්නෙමු. යේසුස්වහන්සේ සමග මිය යන තරම් අපට වෙන ජීවිතයක් නොමැත.