මගේ පුත් ජෙෆ් වෙළඳ සැළකින් පිටතට පැමිණෙන විට අතහැර දමා තිබුණු ඇවිදීමේ රාමුවක් බිම තිබෙනවා දුටුවේය. උදව් අවශ්‍ය පුද්ගලයෙක් එහි නොසිටිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමියි ඔහු සිතුවේය. ඔහු ගොඩනැගිල්ල පිටුපස දෙස හැරී බැලූ විට පදික වේදිකාවේ සිහිසුන්ව සිටි නිවසක් නොමැති පුද්ගලයෙක් දුටුවේය.

ජෙෆ් ඔහුව අවදි කර ඔහු හොඳින්දැයි විමසීය. “මම මරණය දක්වාම බොන්න උත්සාහ කරමි” ඔහු පිළිතුරු දුන්නේය. “කුණාටුවකින් මගේ කූඩාරම කැඩී ගිය අතර මට සියල්ලම අහිමි වුනි. මට ජීවත් වෙන්න අවශ්‍ය නැත” කියා ඔහු තවදුරටත් කීවේය.

ජෙෆ් ක්‍රිස්තියානි පුනරුත්ථාපන සේවයකට ඇමතූ අතර ඔවුන් උදව් බලාපොරොත්තුවෙන් සිටියදී ජෙෆ් තම නිවසට දිව ගොස් තමාගේම කඳවුරු කූඩාරම ගෙන ආවේය. “ඔබේ නම කුමක්ද?” ජෙෆ් ඇසුවේය. “ජෙෆ්රි” එම මිනිසා පිළිතුරු දුන්නේය. ජෙෆ් තමාගේ නම හෝ එහි පොදු අකුරු හෝ ඒ මිනිසාට කියා නොතිබුණි. පසුව මගේ පුතා මට කීවේ “තාත්තා ඒ මම විය හැකිව තිබුණා” කියාය.

ජෙෆ් වරක් මත්ද්‍රව්‍ය සමග පොර බදමින් සිටි අතර දෙවියන්වහන්සේගෙන් ලද කරුණාව නිසා මෙම මනුෂ්‍යයාට උදව් කළේය. යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ දයාව අපේක්‍ෂා කිරීම සඳහා අනාගත වක්තෘ යෙසායා මෙම වචන පාවිච්චි කළේය : “අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව. ස්වාමින්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූ සේක” (යෙසායා 53:6).

අපගේ ගැළවුම් කරුවාණන් වන ක්‍රිස්තුස්වහන්සේ අපව මුළා වන්නවත්, තනිවන්නවත්, බලාපොරොත්තු රහිත වන්නවත් කලකිරෙන්නවත් ඉඩ නෑරිය සේක. අපට උන්වහන්සේ තුළ අලුත් ජීවිතයක් ගත කිරීම සඳහා නිදහස ලබා දී අපව හඳුනා ගෙන අපව ආදරයෙන් ඔසවා තැබීමට උන්වහන්සේ තෝරා ගත් සේක. ඊටත් වඩා ශ්‍රේෂ්ඨතම ත්‍යාගයක් තවත් නැත.