ජර්මානු බැංකු සේවකයෙක් පාරිභෝගිකයෙකුගේ බැංකු ගිණුමකින් යූරෝ 62.40 ක් මාරු කරමින් සිටියදී අහම්බෙන් ඔහුගේ මේසය මත නිදා ගත්තේය. ඔහුගේ ඇඟිල්ල “2” යතුරේ තිබීයදී තමයි ඔහු නින්දට වැටුණේ. මේ හෙයින් පාරිභෝගිකයාගේ ගිණුමට යූරෝ මිලියන 222 ක් (ඩොලර් මිලියන 300 ක්) මාරු වුනි. මෙම මුදල් හුවමාරුවේ සත්‍යතාවය හෙළි කළ සේවකයාගේ සගයාට දඬුවමක් වශයෙන් රැකියාව අහිමි වුනි. ඔහු සෝදිසියෙන් නොසිටී නිසා වැරැද්ද සොයා ගෙන නිවැරදි කළද නිදිමත සේවකයාගේ අතපසු වීම බැංකුවට බියකරු සිහිනයක් මෙන් වුනි.

යේසුස්වහන්සේ තම ගෝලයන්ට අනතුරු ඇඟවූයේ ඔවුන්ද සෝදිසියෙන් නොසිටියහොත් බරපතල වරදකට හසු විය හැකි බවටයි. උන්වහන්සේ ඔවුන්ව ගෙත්සෙමනේ නම් ස්ථානයට ගෙන ගියේ යම් කාලයක් යාච්ඤාවෙන් ගත කරන පිණිසයි. උන්වහන්සේ යාච්ඤා කරන විට භූමික ජීවිතයේ උන්වහන්සේ කිසි දිනෙක නොදැන සිටි ශෝකයක් සහ කැළඹීමක් උන්වහන්සේ අත් වින්දේය. උන්වහන්සේ පේත්‍රැස්, යාකොබ් සහ යොහන්ට කීවේ උන්වහන්සේ සමග අවදිව යාච්ඤා කරමින් සිටින ලෙසටයි (මතෙව් 26:38). නුමුත් ඔවුන් නින්දට වැටුණි (40-41 පද). ඔවුන් අවදිව යාච්ඤා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් උන්වහන්සේව ප්‍රතික්‍ෂේප කිරීමේ සැබෑ පරීක්‍ෂණය පැමිණෙන විට ඔවුන් අනාරක්‍ෂිත වනු ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ විශාලතම අවශ්‍යතාවය ඇති වූ අවස්ථාවේදී ගෝලයන්ට අධ්‍යාත්මික සුපරීක්‍ෂාව නොතිබුණි.

යාච්ඤාවේදී උන්වහන්සේ සමග වැඩි කාලයක් ගත කිරීම සඳහා වඩාත් කැපවීමෙන් අධ්‍යාත්මික වශයෙන් අවදියෙන් සිටීමට යේසුස්වහන්සේගේ වදන්වලට අපි අවනත වෙමු. අපි මෙසේ කරන විට සියලුම ආකාරයේ පරීක්‍ෂාවන් එපා කිරීමටත් යේසුස්වහන්සේව ප්‍රතික්‍ෂේප කිරීමේ බරපතල වැරැද්ද වැළැක්වීමටත් උන්වහන්සේ අපව ශක්තිමත් කරන සේක.