සාර්ථක ව්‍යාපාරිකයෙක් තම ජීවිතයේ අවසාන දශක කිහිපය තුළ සිය ධනය පරිත්‍යාග කළ හැකි සෑම දෙයක්ම කළේය. කෝටිපතියෙක් වූ ඔහු උතුරු අයර්ලන්තයට සාමය උදා කිරීම සහ වියට්නාමයේ සෞඛ්‍ය සේවා පද්ධතිය නවීකරණය කිරීම වැනි විවිධ හේතූන් සඳහා මුදල් පරිත්‍යාග කළේය. ඔහු මිය යාමට ටික කාලයකට පෙර නිව් යෝර්ක් නගරයේ රූස්වෙල්ට් දූපත තාක්‍ෂණික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ඩොලර් මිලියන 350 ක් වැය කළේය. එම මනුෂ්‍යයා පැවසුවේ : “ජීවත්ව සිටිද්දී දීම ගැන මම තදින් විශ්වාස කරමි. දීම ප්‍රමාද කිරීමට හේතු මම දකින්නේ සුළු වශයෙනි….. ඇරත් ඔබ ජීවත්වී සිටිද්දී දෙනවා තරම් බොහෝ සතුටක් ඔබ මිය ගිය පසු දීමෙන් ලැබෙන්නේ නැත” කියාය. ඔබ ජීවත්ව සිටිද්දී දෙන්න. මොන තරම් අගනා ආකල්පයක්ද!

යොහන්ගේ වාර්තාවේ සඳහන් වන උපතින්ම අන්ධව සිටි මිනිසා ගැන යේසුස්වහන්සේගේ ගෝලයන් උත්සාහ කළේ “පව් කළේ කවුද?” යන්න තීරණය කිරීමටයි (9:2). යේසුස්වහන්සේ ඔවුන්ගේ ප්‍රශ්නය කෙටියෙන් ආමන්ත්‍රණය කරමින් “දෙවියන්වහන්සේගේ ක්‍රියා මොහු කෙරෙහි ප්‍රකාශ වන පිණිස මිස මොහුවත් මොහුගේ මවුපියන්වත් පව් කළ නිසා නොවේ. දහවල්ව තිබියදී මා එවූ තැනන්වහන්සේගේ වැඩ අප විසින් කළ යුතුය” (3-4 පද) කියා කී සේක. යේසුස්වහන්සේගේ ප්‍රාතිහාර්්‍යයන්ට වඩා අපගේ වැඩ කටයුතු බෙහෙවින් වෙනස් වූවත් අපි අපගේ කාලය කෙසේ දුන්නත් එය සුදානමින් සහ ප්‍රේමණීය හදවතකින් කළ යුතු වන්නේය. අපගේ කාලය, සම්පත් හෝ ක්‍රියාවන් හෝ තුළින් වේවා අපගේ අරමුණ වන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියා ප්‍රදර්ශනය කිරීමය.

මක්නිසාද දෙවියන්වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළාද උන්වහන්සේ දුන් සේක. අනෙක් අතට අපිත් ජීවත්ව සිටිද්දී දෙමු.