මම තදින් ඇස් වසාගෙන ගණන් කරන්න පටන් ගත්තෙමි. මගේ තුන්වන පන්තියේ සෙසු මිතුරන් සැඟවීමට ස්ථානයක් සොයා ගැනීමට කාමරයෙන් පිටතට දිව ගියහ. සෑම පොත් කබඞ් එකකම, ට්‍රංක පෙට්ටියකම සහ අල්මාරියකම සෙව්වද මගේ එක් මිතුරෙක් සොයා ගැනීමට නොහැකි වුනි. අවසානයේදී සිවිලීමේ එල්ලා තිබුණු ෆර්න් පැලයක් සහිත මල් පෝච්චියක් පිටුපසින් ඇය එළියට පැන්න විට මට එය විහිළුවක් මෙන් දැණුනි. මෙම පැළයෙන් වැසී තිබෙන්න ඇත්තේ ඇගේ හිස පමණී. නමුත් මුලු වෙලාවේදීම ඇගේ ශරීරයේ අනෙක් කොටස් පිටත තිබෙන්න ඇති.

දෙවියන්වහන්සේ සියල්ල දන්නා බැවින් ආදම් සහ ඒව ඒදන් උයනේදී “උන්වහන්සේගෙන් සැඟවී” සිටියත් (උත්පත්ති 3:8) ඔවුන් සෑම විටම සිටියේ “පැහැදිළිව පෙනෙන්නටය”. ඔවුන් ළමා ක්‍රීඩාවක් කළේ නැත. නමුත් දෙවියන්වහන්සේ කන්න එපා යැයි කිවූ ගසෙන් කෑ විට ඔවුන්ගේ වැරැද්ද ගැන හදිසියෙන් අවබෝධ වී ඔවුන් ලැජ්ජාව අත් වින්දහ.

ආදම් සහ ඒව දෙවියන්වහන්සේගේ උපදෙස් වලට අකීකරු වූ හෙයින් ඔවුහු දෙවියන්වහන්සේගෙන් සහ උන්වහන්සේගේ ප්‍රේමණීය සැපයුමෙන් ඉවත් වූහ. කෙසේ වෙතත් කෝපයෙන් යුතුව ඔවුන්ගෙන් ඉවත් වීම වෙනුවට “නුඹ කොහේදැයි” අසමින් උන්වහන්සේ ඔවුන්ව සෙවූ සේක (9 පදය). ඒ ඔවුන් කොහේදැයි උන්වහන්සේ නොදැන සිටිය නිසා නොව උන්වහන්සේගේ දයානුකම්පිත සැළකිල්ල ඔවුන් දැන ගන්නවාට උන්වහන්සේට අවශ්‍ය වූ නිසාවෙනි.

මගේ මිතුරා සැඟවී සිටි ස්ථානය මට නොපෙණුන නමුත් දෙවියන්වහන්සේ අපව නිතරම දකින අතර අපව හඳුනන සේක. සෑම විටම අපව උන්වහන්සේට පැහැදිළිව පෙනෙන්නේය. කුරුසියේ මැරෙමින් යේසුස් වහන්සේ ස්වකීය ප්‍රේමය ප්‍රකාශ කරමින් උන්වහන්සේ අපව සෙව්වේ අප “තවමත් පව්කාරයන්ව සිටියදීය” (රෝම 5:8). අපට තවදුරටත් සැඟවී සිටීමට අවශ්‍ය නැත.