“ලෙස් මිසරබල්ස්” නමැති කෘතිය ආරම්භ වන්නේ නිදහස් කරන ලද වරදකරුවෙක් වන ජීන් වැල්ජියන් විසින් පූජකයෙකුගේ රිදී පැහැර ගැනීමෙනි. ඔහුව අල්ලා ගනු ලැබූ අතර ඔහු නැවත පතල වෙත යාමේ බලාපොරොත්තුවෙන් සිටියේය. නමුත් සොරකම් කරන ලද රිදී වැල්ජියන්ට දුන් බව පූජක තුමා ප්‍රකාශ කළ විට සැවොම පුදුමයට පත් වුනි. පොලීසිය පිටව ගිය පසු ඔහු සොරා දෙසට හැරී “ඔබ තවදුරටත් අයිති වන්නේ නපුරට නොව යහපතටයි” කියා කීවේය.

එම අසීමිත ප්‍රේමය යොමු වන්නේ සියලු කරුණාවන් ගලා එන ප්‍රේමයේ උල්පත වෙතටයි. පෙන්තකොස්ත දිනයේදී පේත්‍රැස් සිය ප්‍රේක්‍ෂකයින්ට පැවසුවේ මාස දෙකකටත් අඩු කාලයකට පෙර එම නගරයේම ඔවුන් යේසුස්වහන්සේව ඇණ ගැසූ බවයි. සමූහයා අතීශයින් ශෝකයට පත්වී ඔවුන් කළ යුත්තේ කුමක්දැයි ඇසුවෝය. “නුඹලා සියල්ලෝම පසුතැවිලිව පව් කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න” (ක්‍රියා 2:38) පේත්‍රැස් පිළිතුරු දුන්නේය. ඔවුන්ට හිමි දඬුවම යේසුස්වහන්සේ දරා ගත් සේක. දැන් ඔවුහු උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන්නේ නම් ඔවුන්ගේ දඬුවමටද සමාව ලබා ගත හැකි වන්නේය.

අහෝ කරුණාවේ මහත! මනුෂ්‍යයන්ට සමාව ලැබෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණය නිසාවෙනි. ඒ ඔවුන් වගකිව යුතු මරණයකි. දෙවියන්වහන්සේ කෙතරම් කරුණාවන්තද, බලවත්ද! අපට ගැළවීම ලබා දීම සඳහා උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ ලෙකුම පාපය භාවිතා කළ සේක. යේසුස්වහන්සේව කුරුසියේ ඇණ ගැසීමේ පාපයෙන් දෙවියන්වහන්සේ දැනටමත් එය කර ඇති නිසා යහපතට හැරවිය නොහැකි කිසිවක් උන්වහන්සේට නැති බව අපට විශ්වාස කළ හැකිය. “උන්වහන්සේට ප්‍රේම කරන්නන්ට සියලු දේම යහපත පිණිස ක්‍රියාකරන” (රෝම 8:28) තැනන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න.