මහාචාර්යවරයා සෑම අවස්ථාවකදීම ඔහුගේ මාර්ග ගත පන්තිය අවසන් කළේ ක්‍රම දෙකකින් එකක් තෝරා ගෙනය. “ඊළඟ වතාවේ හමුවෙමු” හෝ “හොඳ සති අන්තයක් ගත කරන්න” කියාය. සමහර සිසුන් “ස්තූතියි. ඔබටත් එසේම වේවා” කියා ප්‍රතිචාර දක්වති. නුමුත් දිනක් එක් සිසුවෙක් “මම ඔබට ආදරෙයි” යනුවෙන් පිළිතුරු දුන්නේය. පුදුමයට පත් වූ ඔහු “මමත් ඔබට ආදරෙයි” කියා පිළිතුරු දුන්නේය. එදින සවස පංතියේ මිතුරන් එකඟ වූයේ තමන් වඩාත් කැමති පරිදි පුද්ගලිකව නොව පරිගණකයේ තිරයකට උගන්වන තම මහාචාර්්‍යයවරයාට ගෞරවයක් වශයෙන් සහ එතුමාව අගය කිරීමක් වශයෙන් ඊළඟ පංතියේදී “මම ඔබට ආදරෙයි දම්වැලක්” නිර්මාණය කිරීමටය. දින කිහිපයකට පසු ඔහු ඉගැන්වීම අවසන් කර “ඊළඟ සතියේ හමුවෙමු” කියා මහාචාර්්‍යයවරයා පවසද්දී එක් එක් ශිෂ්‍යයා “මම ඔබට ආදරෙයි” කියා පිළිතුරු දුන්නේය. ඔවුහු මාස ගණනාවක් මෙම පුරුද්ද දිගටම කර ගෙන ගියහ. මෙය තම සිසුන් සමග දැඩි බැඳීමක් ඇති කළ බවත් දැන් ඔහු සිතන්නේ ඔවුන් පවුලක් බවත් කියා ගුරුවරයා පැවසීය.

1 යොහන් 4:10-21 හි දෙවියන්වහන්සේගේ පවුලේ කොටසක් වශයෙන් “මම ඔබවහන්සේට ප්‍රේම කරමි” කියා කියන්ට හේතු කිහිපයක්ම අපට සොයා ගත හැකිය. අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ සේක (10 පදය). අප තුළ ජීවත් වන පිණිස උන්වහන්සේ අපට උන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේව ලබා දුන් සේක (13, 15 පද). උන්වහන්සේගේ ප්‍රේමය සෑම විටම විශ්වාසවන්තය (16 පදය). එසේම අපි කිසි විටෙකත් විනිශ්චයට බිය විය යුතු නැත (17 පදය). “උන්වහන්සේ පළමුකොට අපට ප්‍රේම කළ නිසා” උන්වහන්සේට සහ අන් අයටත් ප්‍රේම කිරීමට අපට හැකියාව දෙන සේක (19 පදය).

ඊළඟ වතාවේ ඔබ දෙවියන්වහන්සේගේ සෙනග සමග එකතු වන විට උන්වහන්සේට ප්‍රේම කිරීමට හේතු බෙදා ගැනීමට කාලය ගන්න. දෙවියන්වහන්සේ උදෙසා “මම ඔබවහන්සේටෙ ආදරෙයි” දම්වැලක් නිර්මාණය කර ගැනීමෙන් උන්වහන්සේට ප්‍රශංසාව ගෙන දෙන අතර ඒ මගින් ඔබව අන් අය සමග වඩාත් සමීප කරවන්නේය.