2011 දී ප්‍රවර්ධන උත්සවයකදී හැත්තෑ තුන් හැවිරිදි පාපන්දු ලීග් ක්‍රීඩකයින් දෙදෙනෙකු වේදිකාවේදීම එකිනෙකාට අතින් පහර දෙන්ට වුනි. ඔවුන්ගේ අමනාපය 1963 පාපන්දු ශූරතාවලියේ මතභේදයකට තුඩු දුන් කරුණක් දක්වා ඈතට දිව යයි. ඔවුන්ගෙන් එක් අයෙකු විසින් අනෙකාට වේදිකාවෙන් පිටතට වැටෙන්න තරම් පහරක් දුන් පසු සමූහයා ඔහුට “නතර කරන්න” කියා කෑගැසූහ. ඔවුහු ඔහුට කීවේ “අමනාපය ඉවත දමන්න” කියාය.

මිනිසුන් අතර ඇතිවුූ දබර ගැන උදාහරණ රාශියක් බයිබලයේ සඳහන් වන්නේය. කායින් තම සහෝදරයා වන ආබෙල් සමග අමනාපයක් ඇති කර ගත්තේ දෙවියන්වහන්සේ ආබෙල්ගේ පූජාව ඔහුගේ පූජාවට වඩා ඉහළින් පිළිගත් නිසාය (උත්පත්ති 4:4-5). මෙම වෛරය කෙතරම් දරුණු වූයේද යත් අවසානයේදී මිනී මැරුමකට තුඩු දුන් අතර “කායින් ඔහුගේ සහෝදරයාට පහර දී ඔහුව මරා දැමුවේය” (8 පදය). ඒසව් යාකොබ්ට විරුද්ධව අමනාපයක් ඇති කර ගත්තේ ඔහුගේ උපන් අයිතිය යාකොබ් සොරකම් කළ හෙයිනි (උත්පත්ති 27:41). මෙම වෛරය කෙතරම් දරුණු වූයේද යත් යාකොබ්ට තම ජීවිතය රැක ගැනීම සඳහා බියෙන් පලා යාමට හේතු වුනි.

වෛරය ඇති කර ගත් පුද්ගලයින් පිළිබඳ උදාහරණ කිහිපයක් දේව වචනයේ අපට ලබා දෙන අතර
“අමනාපය ඉවත් කර ගැනීම” සහ සමාව හා සමගිය ඇති කර ගැනීම සොයා ගන්නේ කෙසේද කියාද උපදෙස් දෙන්නේය. දෙවියන්වහන්සේ අන් අයට ප්‍රේම කරන ලෙසට අපව කැඳවූ සේක (ලෙවී කථාව 19:18). අපට අපහාස කරන සහ රිද්දන අය වෙනුවෙන් යාච්ඤා කරන ලෙසටත් (මතෙව් 5:43-47) සියලු දෙනා සමග සමාදානයෙන් ජීවත් වන ලෙසටත් විපාක දීමට දෙවියන්වහන්සේට ඉඩ දී යහපතෙන් අයහපත ජය ගන්නා ලෙසටත් (රෝම 12:18-21) උපදෙස් දෙන සේක. උන්වහන්සේගේ බලයෙන් අපි අද අපගේ “අමාපයන් ඉවත දමමු”.