දරුවා ලැබීමට තවත් සති හයක් තිබුණත් විට්නිට ගර්භණී සමයේදී සාමාන්‍යයෙන් අක්මාවේ සෑදෙන කොලෙස්ටැසිස් ඇති බව වෛද්‍යවරයා හඳුනා ගත්තේය. හැඟීම්වලට බරවී විට්නිව රෝහල් ගත කෙරුණි. එහිදී ඇයට ප්‍රතිකාර කරන ලද අතර පැය විසි හතරක් ඇතුළතදී ඇය දරුවා ප්‍රසූත කරන බව පවසන ලදී. රෝහලේ තවත් කොටසක කොවිඞ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වාතාශ්‍ර උපකරණයන් සහ අනෙකුත් උපකරණ ස්ථානගත කරමින් තිබුණී. එහි ප්‍රතිඵලයක් ලෙස විට්නිව නිවසට යැවීය. දෙවියන් වහන්සේව හා උන්වහන්සේගේ සැළසුම් කෙරෙහි විශ්වාස කිරීමට ඇය තීරණය කළ අතර දින කිහිපයකට පසුව ඇය නිරෝගී දරුවෙක් ප්‍රසූත කළාය.

දේව වචනය අප තුළ මුල් බැස ගත් විට විසඳුම් සෙවීමට අප උත්සාහ කරන අවස්ථාවන්වලදී එය අප ක්‍රියා කරන ආකාරය වෙනස් කරන්නේය. යෙරෙමියා ජීවත් වූයේ සමාජයේ වැඩි දෙනෙක් මානව සන්ධානයන් විශ්වාස කළ සහ පිළිම වන්දනාව ප්‍රචලිතව පැවති කාලයකය. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන තනැත්තා හා “මාංසයෙන් ශක්තිය ලබා ගන්නා තැනැත්තා සහ ස්වාමින්වහන්සේගෙන් තම හදවත් ඉවත් කර ගන්නා තැනැත්තා” අතර අසාමාන්‍යතාවය අනාගත වක්තෘ පෙන්වා දෙන්නේය (යෙරෙමියා 17:5). “ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය….. ඔවුහු ජලය ළඟ සිටුවා තිබෙන්නාවූ… ග්‍රීෂ්මය පැමිණෙන විට එය නොදැනෙන්නාවූ… කොළ නොවේළෙන්නාවූ” ගසක් මෙන් වන්නහුය (7-8 පද).

යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් ලෙසට විසඳුම් සෙවීමට අපි උන්වහන්සේ දෙස බලමින් ඇදහිල්ලෙන් ජීවත් වීමට අපව කැඳවා තිබේ. උන්වහන්සේ ශක්තිය සපයන හෙයින් බිය වීම හෝ උන්වහන්සේව විශ්වාස කිරීම හෝ අපට තෝරා ගත හැකිය. දෙවියන්වහන්සේ පවසන්නේ අප උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට තෝරා ගන්නා විට අප ආශිර්වාද ලත් සහ පූර්ණ තෘප්තියට පත් අය වන බවයි.