“පරිපූර්ණවාදය යනු මම දන්නා ඉතාම භයානක වචනයකි” යනුවෙන් කැත්ලින් නොරිස් ලියයි. මතෙව් ශුභාරංචියේ විස්තර කර ඇති “පරිපූර්ණත්වය” සහ නූතන යුගයේ පරිපූර්ණභාවය අතර ඇති වෙනස කල්පනාකාරීව ඇය විස්තර කරයි. වර්තමානයේ පරිපූර්ණවාදය ඇය විස්තර කරන්නේ “අවශ්‍ය අවදානම් දැරීමට මිනිසුන්ව පසුබට කරන බරපතල මානසික පීඩාවක්” ලෙසය. මතෙව් භාවිතා කරන “පරිපූර්ණ” යන වචනයේ පරිවර්තනයේ ඇත්තම තේරුම වන්නේ පරිණත හෝ සම්පූර්ණ හෝ යන්නයි. නොරිස් අවසාන වශයෙන් පවසන්නේ “පරිපූර්ණ වීමට යනුවෙන් අදහස් කරන්නේ අන් අයට මග පෙන්වන්නෙකු වීමට තරම් අපව වර්ධනය වීමට ඉඩ ලබා දී් පරිණත වීම” යනුවෙනි.

මේ ආකාරයට පරිපූර්ණත්වය අවබෝධ කර ගැනීම, “සදාකාල ජීවනය ලබා ගැනීමට” කුමක් කළ යුතුදැයි මනුෂ්‍යයෙක් යේසුස්වහන්සේගෙන් අසන මතෙව් ශුභාරංචියේ 19 වන පරිච්ඡේදයේ සඳහන්ව තිබෙන ගැඹුරු කථාව ගැන දැනීමක් ඇති කර ගැනීමට උපකාර වන්නේය (16 පදය). යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්
“ආඥාවන් පවත්වන්න” යයි කියන සේක (17 පදය). මනුෂ්‍යයා සිතුවේ ඔහු ඒ සියල්ලම රක්‍ෂා කරන නමුත් කිසියම් හිස්කමක් ඇති බව ඔහුට දැනෙන බවයි. “තව මට අඩු කිමෙක්දැයි” ඔහු විමසීය (20 පදය).

මනුෂ්‍යයාගේ ධනය ඔහුගේ හදවත හිර කර සිටින නපුරු ග්‍රහණය බව යේසුස්වහන්සේ හඳුනා ගත් සේක.
“නුඹ සම්පූර්ණ වෙන්ට කැමති නම්“ සම්පූර්ණ වී තමන් සතු දේ දී දේව රාජ්‍යයේ සිටින අන් අයගෙන් ලබා ගැනීම කළ යුතු බවත් අන් අයගෙන් තමන්ගේ හදවත වසා ගෙන ඇති දේවල් අත් හැරීමට කැමති විය යතු බවත්ය (21 පදය).

අපි සෑම කෙනෙක්ටම තමන්ගේම පරිපූර්ණත්වයේ අනුවාදයක් ඇත. එනම් පාලනය කර ගැනීමට නිෂ්ඵලයේ උත්සාහ කරමින් වැළඳ ගෙන සිටින වත්කම් හා පුරුදුය. අද දිනදී යටත් වන ලෙස යේසුස්වහන්සේ කරන මෘදු ආරාධනයට සවන් දෙන්න. එසේම උන්වහන්සේ තුළ පමණක් ලැබීය හැකි පරිපූර්ණත්වය තුළ නිදහස සොයා ගන්න (26 පදය).