“මට සමාවෙන්න” කැරන් පැවසුවේ ඇගේ කඳුළු ගලා ඒම ගැන සමාව අයදිමිනි. ඇගේ ස්වාමි පුරුෂයාගේ මරණින් පසු ඇය තම නව යොවුන් දරුවන් රැක බලා ගැනීමට අතීශයින් වෙහෙසුණාය. ඇයට විවේකයක් ලබා දීමට දේවස්ථානයේ පිරිමින් ඇයට සති අන්ත කඳවුරක් ගත කිරීමේ විනෝද චාරිකාවක් ලබා දුන් විට කැරන් කෘතවේදීව කඳුළු සළමින් ඇගේ කඳුළු ගැන නැවත නැවතත් සමාව ඇයැද සිටියාය.

අපෙන් බොහෝ දෙනෙක් අපගේ කඳුළු ගැන සමාව ඉල්ලන්නේ ඇයි? සීමොන් නම් ඵරිසිවරයෙක් යේසුස් වහන්සේට තමන් සමග කෑමට එන මෙන් ඉල්ලා සිටියේය. කෑම වේල මැද ස්වාමින්වහන්සේ මේසයේ වාඩිවී සිටියදී පව්කාර ජීවිතයක් ගත කළ කාන්තාවක් සුවඳ තෙලින් පිරුණු සුදු ගල් කරඬුවක් ගෙන ආවාය. “(ඇය) උන්වහන්සේගේ පාද ළඟ පිටුපසින් හඬ හඬා සිට උන්වහන්සේගේ පාද කඳුළෙන් තෙමන්ට පටන් ගෙන ඒවා ඇගේ හිසකේ වලින් පිස දමා උන්වහන්සේගේ පාද සිඹ සිඹ ඒ සුවඳ තෙල් ගෑවාය” (ලූක් 7:38). සමාව ඉල්ලීමකින් තොරව මෙම කාන්තාව ඇගේ ප්‍රේමය නිදහසේ ප්‍රකාශ කරමින් යේසුස්වහන්සේගේ පාද පිස දැමීමට ඇගේ කෙස් මුදා හැරියාය. යේසුස්වහන්සේ කෙරෙහි කෘතඥතාවයෙන් සහ ප්‍රේමයෙන් පිරී ගිය ඇය සුවඳ විලවුන් සහිත වූ පාද සිප ගත්තාය. ඇගේ ක්‍රියාව නිවැරදි නමුත් සීතල හදවතක් තිබූ සීමොන්ගේ ක්‍රියා වලට පටහැනි ක්‍රියාවක් වුනි.

යේසුස්වහන්සේගේ ප්‍රතිචාරය? යේසුස්වහන්සේ ඇගේ දැඩි ආදර ප්‍රකාශයට ප්‍රශංසා කළ අතර ඇයට “කමා කරන ලද්දේයයි” කී සේක (44-48 පද).

ගලා යාමට එද්දී අපගේ කෘතඥතාවයේ කඳුළු සඟවා ගැනීමට අපි පෙළඹෙනවා ඇත. නමුත් දෙවියන් වහන්සේ අපව මැව්වේ හැඟීම් සහිත අයවලුන් ලෙසට බැවින් අපට අපගේ හැඟීම් උන්වහන්සේට ගෞරව කිරීමට යොදා ගත හැකිය. ලූක් ශුභාරංචියේ කාන්තාව මෙන් අපගේ අවශ්‍යතා සපුරාලන සහ අපගේ ස්තුති වන්ත ප්‍රතිචාර නිදහසේ ලබා ගන්නා යහපත් දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය සමාව නොඉල්ලා ප්‍රකාශ කරමු.