මම නිවාඩු කාලයේදී මුහුදේ කළු ගලක් මත හිඳගෙන බයිබලය කියවමින් මගේ ස්වාමි පුරුෂයා මසුන් අල්ලන දෙස බලා සිටියෙමි. වෙනත් ඇමක් භාවිතා කරන ලෙස ඇරයුම් කරමින් තරුණයෙක් අප වෙතට පැමිණියේය. ඔහු එක පාදයකින් අනෙක් පාදයට මාරුවෙමින් “මම සිරගතව සිටියෙමි” යනුවෙන් පැවසීය. ඔහු මගේ බයිබලය පෙන්වා සුසුම් හෙළමින් “දෙවියන්වහන්සේ ඇත්තෙන්ම මා වැනි මිනිසුන් ගැන සැලකිලිමත් වෙනවා යැයි ඔබ සිතන්නේද” කියා ඇසුවේය.

මතෙව් 25 වන පරිච්ඡේදයට හරවමින් යේසුස්වහන්සේ තම අනුගාමිකයන් සිරගෙවල් වල සංචාරය කිරීම ගැන කථා කළ බව ශබ්ද නගා කියවීමි.

“එය එසේ කියනවාද? සිරගතව සිටීම ගැන”. තමන්වහන්සේගේ දරුවන් කෙරෙහි දක්වන කරුණාව ඔවුන් දෙවියන් වහන්සේ කෙරෙහි දක්වන ප්‍රේමයේ පුද්ගලික ක්‍රියාවක් ලෙසට දෙවියන්වහන්සේ සළකන්නේ කෙසේද කියා මම බෙදා ගන්නා විට ඔහුගේ දෑස් කඳුළෙන් පිරුණි.

“මම කැමතියි මගේ දෙමව්පියන් මටත් සමාව දෙනවා නම්” ඔහු හිස පහත් කර ගත්තේය. “මම ඉක්මණට එන්නම්”. ඔහු ආපසු පැමිණ ඔහුගේ ඉරීගිය බයිබලය මට දුන්නේය. “ඒ වචන සොයා ගත හැක්කේ කොතැනින්නද කියා මට පෙන්වන්න”.

මම හිස සැලුවෙමි. ඔහු සහ ඔහුගේ දෙමාපියන් වෙනුවෙන් යාච්ඤා කරමින් මම සහ මගේ ස්වාමි පුරුෂයා ඔහුව වැළඳ ගත්තෙමු. අපි සම්බන්ධතා තොරතුරු හුවමාරු කර ගත් අතර ඔහු වෙනුවෙන් නොකඩවා යාච්ඤා කරන්නෙමු.

බොහෝ අවස්ථාවන් වලදී අප ආදරය නොලබන පිළිගැනීමක් නැති අවශ්‍යතාවයන්ගෙන් යුත් අය යයි හැඟෙන අතර ශාරිරිකව සහ මානසිකව සිරගත වී සිටිම්ය යන හැඟීමෙන්ද සිටින්නෙමු (35-36 පද). දෙවියන්වහන්සේගේ දයානුකම්පාව සහ සමාව පිළිබඳ මතක් කිරීම් අපට අවශ්‍යය. මෙවැනි හැඟීම් සමග පොර බදන අනෙක් අයට සහයෝගය දැක්වීමටද අපට අවස්ථාවන් ලැබේ. අපි කොහේ ගියත් දෙවියන්වහන්සේගේ සත්‍යය සහ ප්‍රේමය පතුරුවද්දී අපට දෙවියන්වහන්සේගේ “මුදවා ගැනීමේ” සැළැස්මේ කොටස්කරුවන් විය හැකිය.