සෑම තැනකම වාසය කරන චීන ජාතික පවුල් චීන අලුත් අවුරුදු උත්සවය සමරති. මෙම උත්සවය සාමාන්‍යයෙන් ජනවාරි අග සිට පෙබරවාරි මැද දක්වා චන්ද්‍ර දින දර්ශනය අනුව සිදුවේ. පවුල් එකතු කිරීම සඳහා වූ මෙම කාලය බොහෝ සම්ප්‍රදායන් සමග පැමිණේ. එනම් : සමහර සම්ප්‍රදායන්වලට අනෙකුත් සම්ප්‍රදායන්වලට වඩා ප්‍රමූඛත්වයක් ලැබේ. අලුත් ඇඳුම් මිළදී ගැනීිම සහ ඒවා ඇඳීම, නිවෙස් තරයේ පිරිසිදු කිරීම සහ ගෙවිය යුතු ණය ගෙවීම යනාදී සම්ප්‍රදායයන් අපට මතක් කර දෙන්නේ අපි අතීතය පසෙක ලා අවුරුද්ද පිරිසිදු ලෙස ආරම්භ කරන බවයි.

ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ නව ජීවිතය මෙම සම්ප්‍රදායයන් මට මතක් කර දෙන්නේය. අපි කවුරු වූවත් අප කුමක් කර තිබුණත් ඒ සියල්ල අපට පසෙකට දැමිය හැකිය. යේසුස්වහන්සේගේ කුරුසියේ මරණය හේතුවෙන් අපට සම්පූර්ණයෙන්ම සමාව ලැබී ඇති බව දැන ගැනීමෙන් අපේ අතීතය ගැන අපටම පහර දීම නවත්වා වරදකාරීත්වය ඉවත් කර ගත හැකිය. අප යේසුස්වහන්සේ මෙන් වීම සඳහා ශුද්ධාත්මයාණන් මත විශ්වාසය තැබිය හැකි නිසා අපට අලුත් ජීවිතයක් ආරම්භ කළ හැකිය.

“පරණ දේ පහව ගියේය. මෙන්න, සියල්ලම අලුත් වී තිබේ” (2 කොරින්ති 5:17) යනුවෙන් අපෝස්තලු පාවුල් ඇදහිලිවන්තයන්ට සිහිපත් කරන්නේ එබැවිනි. සරල නමුත් බලවත් සත්‍යය නිසා අපටද මෙය පැවසිය හැකිය. දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපව උන්වහන්සේ සමග සමගි කර ඇති අතර තවදුරටත් අපට එරෙහිව අපගේ පාප ගණන් නොගන්නා සේක (19 පදය).

අප වටා සිටින අය අපගේ අතීත වැරදි අමතක කිරීමට අකමැති විය හැකි නමුත් දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි අපව තවදුරටත් හෙළා නොදකින බව අපට සිතට ගත හැකිය (රෝම 8:1). පාවුල් පෙන්වා දෙන පරිදි “දෙවියන්වහන්සේ අපේ පක්‍ෂයට සිටිනසේක් නම් අපට විරුද්ධ වන්නේ කවුද?” (රෝම 8:31). යේසුස් වහන්සේ තුළින් දෙවියන්වහන්සේ අපට දුන් නැවුම් ආරම්භය භුක්ති විඳිමු.