ටිම් විසින් ඇලස්කාවේ රූට් ග්ලැසියරයේ කඳු තරණය කරමින් සිටියදී ඔහුට මීට පෙර දැක නොතිබුණු දෙයක් හමු වුනි. ටිම් වෘත්තිමය වශයෙන් ග්ලැසියර අධ්‍යයනය කළද ඔහු මෙම අවස්ථාවේදී දුටු කුඩා පාසි බෝල විශාල ප්‍රමාණයක් ඔහුට සම්පූර්ණයෙන්ම නුහුරු විය. වසර ගණනාවක් දීප්තිමත් කොළ පැහැති බෝල ලුහු බැඳ යාමෙන් පසු ටිම් සහ ඔහුගේ සගයන් සොයා ගත්තේ ගස්වල පාසි මෙන් නොව “ග්ලැසියර” එකට සම්බන්ධ නොවන බවයි. ඊටත් වඩා පුදුමයට කරුණක් නම් ඒවා රංචුවක් හෝ රැළක් මෙන් එකමුතුව ගමන් කරන බවයි. මුලදී ටිම් සහ ඔහුගේ සගයන් සැක කළේ මෙම බෝල හැඩයක් ගන්නා පාසි වර්ගය සුළඟට හසුවී හෝ පහළට පෙරළී හෝ යන්නේය කියා නමුත් ඔවුන්ගේ පර්යේෂණ මගින් එම අනුමාන කිරීම් බැහැර කරන ලදී.

පාසි බෝල චලනය වන්නේ කෙසේදැයි තවමත් ඔවුන් සොයා ගෙන නැත. එවැනි අභිරහස් දෙවියන් වහන්සේගේ මැවිල්ල ඉස්මතු කරයි. දෙවියන්වහන්සේගේ මැවීමේදී උන්වහන්සේ උයනට නියම කළේ පැළෑටි සහ ගස් ආකාරයෙන් “බෝග නිපදවීමටයි” (උත්පත්ති 1:11). උන්වහන්සේගේ සැළසුමට ග්ලැසියර පාසිද ඇතුළත් වූවත් ඒවා හැදෙන සුදුසු පරිසරයකට අප නොගියහොත් අප බොහෝ දෙනෙකු ඒවා නොදකිනු ඇත.

ග්ලැසියර පාසි 1950 ස් ගණන වලදී සොයා ගත් දා සිට ඒවාගේ රැළි සහිත කෙස් වැනි කොළ පැහැති වර්ණයෙන් විද්‍යාඥයින් ආකර්ශනය කර ගෙන ඇත. දෙවියන්වහන්සේ තමන් මැවූ වෘක්‍ෂලතාදිය නිරීක්‍ෂණය කල විට “එය යහපත් බව” ප්‍රකාශ කළ සේක (12 පදය). අපි දෙවියන්වහන්සේගේ උද්භිද මෝස්තර වලින් වටවී ඇති අතර ඒ සෑම දෙයක්ම උන්වහන්සේගේ නිර්මාණාත්මක හැකියාවන් විදහා දක්වමින් උන්වහන්සේට නමස්කාර කිරීමට අපට ආරාධනා කරයි. උන්වහන්සේ සෑදු සෑම ගසක් හා පැළෑටියක් ගැනම අපට සතුටු විය හැකිය. මන්දයත් ඒවා යහපත් බැවිනි.