ඒරන් බර් නැමැත්තා එක්සත් ජනපද නියෝ‘ජිත මන්ත්‍රී මණ්ඩලයේ සම තත්ත්වය බිඳින ඡන්ද ප්‍රතිඵලය එන තෙක් විමසිල්ලෙන් බලා සිටියේය. 1800 ජනාධිපතිවරණයේදී ඔහු සමග ඉතා ළඟින් තරඟ කළේ තෝමස් ජෙෆර්සන්ය. තමාව ජයග්‍රහකයා ලෙස සභාව විසින් ප්‍රකාශයට පත් කරාවි යයි යම් යම් කරුණු නිසා බර් විශ්වාස කළේය. කෙසේ වෙතත් ඔහු පරාජයට පත් වුනි. ඔහුගේ ආත්මය තිත්තකමෙන් පීඩා වින්දේය. අපේක්‍ෂකත්වයෛ්දී ඔහුට සහාය නොදැක්වීම සම්බන්ධයෙන් ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්ට එරෙහිව දුක් ගැනවිල්ල පෝෂණය කරමින් බර් වසර හතරකටත් අඩු කාලයකට පසු හැමිල්ටන්ව ද්වන්ධ සටනකින් මරා දැමීය. මෙම ඝාතනය හේතුවෙන් කෝපයට පත් ඔහුගේ රට ඔහුට පිටුපෑ අතර බර් මිය ගියේ වයසට පත්වූ පරුෂ මිනිසෙකු ලෙසය.

දේශපාලනය බල ක්‍රීඩා ඉතිහාසයේ ඛේදජනක කොටසකි. දාවිත් රජු මරණයට ආසන්නව සිටියදී ඔහුගේ පුත් අදොනියා දාවිත්ගේ අණ දෙන නිලධාරියා සහ නායක පූජකයෙක් බඳවා ගෙන ඔහුව රජ කරවීමට පත් කළේය (1 රාජාවලිය 1:5-8). නමුත් දාවිත් සාලමොන්ව රජ ලෙස තෝරා ගෙන තිබුණි (17 පදය). අනාගත වක්තෘ නාතාන්ගේ උපකාරයෙන් කැරැල්ල මැඩ පැවැත්වුනි (11-53 පද). අත් හිටුවන ලද දඬුවම අතර තුරදී පවා අදොනියා දෙවන වරටත් සිංහාසනය සොරකම් කිරීමට කුමන්ත්‍රණය කළ අතර සාලමොන් ඔහුව මරණයට පත් කළේය (2:13-25 පද).

මනුෂ්‍යයන් වශයෙන් අපට නිත්‍යානුකූලව අයිති නැති දේ පවා ලබා ගැනීමත් අපහට කෙතරම් අවශ්‍යද? බලය, කීර්ති නාමය දේපළ ලුහුබැඳ යන්න අප කෙතරම් උත්සාහ කළත් එය කිසිවිටෙකත් ප්‍රමාණවත් නොවේ. අපට සෑම විටම වඩ වඩා දේවල් අවශ්‍යය. එය “මරණය එසේය කුරුසියේ මරණය දක්වා කීකරු වූ” (පිලිප්පි 2:8) යේසුස් වහන්සේට වඩා කෙතරම් වෙනස්ද?

හාස්‍යයට කරුණක් නම් ආත්මාර්ථකාමී ලෙස අපේම අභිලාෂයන් හඹා යාමෙන් කිසි විටෙකත් අපගේ සැබෑ ගැඹුරු ආශාවන් අප වෙතට ගෙන එන්නේ නැත. ප්‍රතිඵලය දෙවියන්වහන්සේට භාර දීම සමාදානය සහ ප්‍රීතිය සඳහා ඇති එකම මාර්ගය වන්නේය.