ගිම්හාන කාලයේ පාඩම් වැඩ සටහනකදී මගේ පුතා ස්විට්සර්ලන්තයේ ඇල්පයින් කන්දක් තරණය කළ පිරිමි ළමයෙක් ගැන පොතක් කියෙව්වේය. ඉලක්කය සඳහා පුරුදු වීමට ඔහු තම කාලයෙන් වැඩි කොටසක් මිඩංගු කළේය. අවසානයේදී ඔහු කන්ද තරණය කිරීමට පිටත් වූ විට සැළසුම් කළ පරිදි දේවල් සිදු නොවීය. කන්ද නගින අවස්ථාවේදී සගයෙක් අසනීප වූ හෙයින් තම ඉලක්කය සපුරා ගැනීම වෙනුවට අසනීප වූ තම මිතුරාට උපකාර කිරීමට මෙම දරුවා තීරණය කළේය.

පන්ති කාමරයේදී මගේ පුතාගේ ගුරවරයා “කන්ද නැග්ගේ නැති නිසා ප්‍රධාන චරිතය අසාර්ථක වුනාද?” කියා ඇසුවේය. “ඔව්, ඔහු අසමත් වීමට හේතු වුයේ ඔහුගේ ජාන (ඩීඑන්ඒ) සෑදී ඇත්තේ අසමත් වීමට නිසයි” කියා එක් සිසුවෙක් කීවේය. නමුත් තවත් දරුවෙක් එයට එකඟ නොවීය. එම ළමයා අසාර්ථක නොවු බවට හේතු දක්වමින් ඔහු කීවේ එසේ වූයේ වෙනත් කෙනෙකුට උපකාර කිරීම සඳහා වැදගත් දෙයක් ඔහු අතහැර දැමූ හෙයින් බවයි.

අපි අපේ සැළසුම් පසෙක ලා ඒ වෙනුවට අන් අය ගැන සැළකිලිමත් වන විට අප ක්‍රියා කරන්නේ යේසුස් වහන්සේ මෙන්ය. නිවසක්, විශ්වාසදායක ආදායමක් සහ සමාජ පිළිගැනීමක් යනාදිය යේසුස්වහන්සේ පූජා කළේ සංචාරය කරමින් දෙවියන්වහන්සේගේ සත්‍යය බෙදා ගැනීමටය. අවසානයේදී අපව පාපයෙන් නිදහස් කිරීමට සහ දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපට පෙන්වීම සඳහා උන්වහන්සේ තම ජීවිතය පූජා කළ සේක.

ලෝකයේ සාර්ථකත්වය දෙවියන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි ඇති සාර්ථකත්වයට වඩා බොහෝ සෙයින් වෙනස්ය. අඩු වරප්‍රසාද සහිත සහ පීඩාවට පත්වූ මිනිසුන් බේරා ගැනීමට අපව යොමු කරන දයානුකම්පාව උන්වහන්සේ අගය කරන සේක (17 පදය). මිනිසුන් ආරක්‍ෂා කරන තීරණ උන්වහන්සේ අනුමත කරන සේක. දෙවියන්වහන්සේගේ උපකාරයෙන් අපට අපගේ වටිනාකම උන්වහන්සේ හා පෙළ ගස්වා උන්වහන්සේට සහ අන් අයට ප්‍රේම කිරීමට කැප විය හැකි අතර එය එහි ඇති සුවිශේෂී ජයග්‍රහණය වන්නේය.